David Warner එක්දින පිටියට සමුදෙයි

  • Home
  • /
  • Sports
  • /
  • David Warner එක්දින පිටියට සමුදෙයි

ටෙස්ට් පිටියට සමුදීමට අමතරව තමන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ද සමුදීමට තීරණය කළ බවට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.කෙසේ වෙතත් කණ්ඩායමේ අවශ්‍යතාව අනුව තමන් 2025 ශූරයින්ගේ කුසලානය දක්වා නැවතත් එක්දින පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට සූදානම් ව සිටින බවත් ඔහු විසින් මෙහි දී අවධාරණය කරනවා. මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන David Warner මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 161ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 6932ක් ලබාගැනීම සමත් වී ඇති අතර, 45.30ක පිතිකරණ සාමාන්‍යයක් ද ඔහු විසින් රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් එක්දින ජාත්‍යන්තර ශතක 22ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම ශතක ලාභියා (Ricky Pontingට පමණක් දෙවැනි වෙමින්) ලෙස Warnerගේ නම වාර්තා පොත්වල සටහන් කරනවා. එමෙන්ම ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හය වැනියට ඉහළම එක්දින ලකුණු ලාභියා ලෙස ද Warner විසින් සිය නාමය සටහන් කර ගෙන තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024