LPL 2024 තරඟාවලියේ ජය Jaffna Kings කණ්ඩායමට

  • Home
  • /
  • Sports
  • /
  • LPL 2024 තරඟාවලියේ ජය Jaffna Kings කණ්ඩායමට

LPL 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ දිනයේ (21) Jaffna Kings සහ Galle Marvels අතර R. Premadasa ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වුනා. එහිදි කාසියේ වාසිය දිනා ගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තිරණය කළා.Galle Marvels කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා. Bhanuka Rajapaksha පන්දු 34කදි 4 පහර 8ක් සහ 6 පහර 6ක් සමඟින් ලකුණු 82ක් ලබාගත්තා. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 15.4ක් පමණක් අවසානයේදි එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. එහිදි Kusal Mendis සහ Rilee Rossouw දක්ෂ සම්බධතාවයක් ගොඩ නඟා ගත් අතර Kusal Mendis පන්දු 40කදි 4 පහර 8ක් හා 6 පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබාගත්තා. අවසන් මහා තරඟයේ වීරයා හා තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් Rilee Rossouw පන්දු 53කදී 4 පහර 9ක් හා 6 පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබාගත්තා. තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ චමිඳු වික්‍රමසිංහ.

Don't forget to share this post!

Recent Posts

da70c3662e1862ee3d760449850abd99
July 4, 2025