Match එක අස්සේ Airline දෙකක් දාපු පිස්සු ඔට්ටුව!

පසුගියදා මුළු ලෝකෙම ඇස් යොමුවෙලා තිබුණ තරඟයක් තමයි නෝර්වේ සහ එංගලන්තය අතර පැවැත්වුණු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟය. semi-finals යන්නේ කවුද කියන එක තීරණය කරන මේ මැච් එක මිලියන ගාණක් සජීවීව නැරඹුවා. හැබැයි මේ මැච් එකට වඩා social media ඇතුළේ ලොකු කතාබහක් ඇතිවුණේ තරඟයට දවස් කිහිපයකට කලින් ලෝක ප්‍රසිද්ධ ගුවන් සේවා දෙකක් අතර ඇතිවුණු අපූරු ඔට්ටුවක් නිසයි.

ඒ වෙන මුකුත් නෙවෙයි, Norwegian Air සහ British Airways අතර දාපු ඔට්ටුවක්. ඔට්ටුවේ හැටියට තමන්ගේ රටේ team එක පැරදුණොත්, දිනපු රටේ ගුවන් සේවයේ Logo එක තමන්ගේ නිල ගිණුම්වල මුළු දවසක් පුරාම දාන්න ඕනේ!

 

Jude Bellinghamගේ ගෝල දෙකෙන් වැඩේ වෙනස් වෙයි

තරඟයේදී Jude Bellingham ලබාගත් සුපිරි ගෝල දෙකත් එක්ක එංගලන්තය 2-1ක් විදිහට නෝර්වේ කණ්ඩායම පරද්දලා ජයග්‍රහණය කළා. පැරදුණත් තමන්ගේ වචනය රකින Low-cost ගුවන් සේවයක් වෙන Norwegian Air, කිව්වා වගේම වැඩේ කළා.

ඔවුන් තමන්ගේ Instagram profile picture එකට British Airways logo එක දාලා මෙන්න මෙහෙම caption එකක් දාලා තිබුණා.

“We sincerely hope you’ll get to bring football home!”

ඒ විතරක් නෙවෙයි, මේ පරාජය සමරන්න ඔවුන් එංගලන්තයේ ඉඳන් නෝර්වේ දක්වා යන flights සඳහා විශේෂ Flash Sale එකකුත් හඳුන්වලා දුන්නා.

 

විනාඩි 90ක විරුද්ධවාදීන්, හැමදාටම මිතුරන් 

මේ වැඩේට British Airways සමාගමෙනුත් සුපිරි reply එකක් ලැබුණා. “අපි විනාඩි 90ක් පිටියේ හතුරන් වුණත්, හැමදාටම මිතුරන්” කියලා ඔවුන් සටහන් කළා. ඒ වගේම අතීතයේ එකම club එකකට සෙල්ලම් කරපු නෝර්වේවල Erling Haaland සහ එංගලන්තයේ Bellingham වගේ තමන්ගේ ගුවන් සේවා දෙක අතරත් දැන් අලුත් යාළුකමක් ඇතිවෙලා තියෙනවා කියලා British Airways කණ්ඩායම පවසා තිබුණා.

 

සෝෂල් මීඩියා කැළඹූ ‘USB’ හුවමාරුව

මේ ඔට්ටුව තවත් රසවත් කරන්න Norwegian Air සමාගමේ social media team එක කෙලින්ම ලන්ඩන් බලා පියාසර කරලා තිබුණා. ඒ British Airways එකේ නිලධාරියෙක් හමුවෙලා තමන්ගේ LOGO එක අඩංගු USB එකක් බාර දෙන්නයි! ඒ අනුව British Airways HQ වලදී තම තමන්ගේ logos අඩංගු USB මාරු කරගත්තා. මේ වීඩියෝවටත් ලක්ෂ ගණනක් Likes ලැබිල තිබුණා.

 

ලෝකේ වටේ ඉන්න අනෙක් ගුවන් සේවාත් මේකට comments වලින් එකතු වුණා:

American Airlines: “අපේ කවුරුත් මේ මැච් එකේ නැහැ. හැබැයි මැච් එක බලන්න යන්න ටිකට් නම් අපෙන් ගන්න පුළුවන්!” (මෙවර ලෝක කුසලානයේ ප්‍රධාන සත්කාරකයා ඇමරිකාවයි).

Malaysian Airlines: “Norwegian Air එකට ගරු කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ගුවන් සේවාවක logo එකක් වෙනස් කරන්න අනුමැතීන් 14ක් සහ මාස 6ක්වත් යනවා!”

සමහර රසිකයන් කියලා තිබුණේ තමන් මැච් එක බලනවා වෙනුවට බලාගෙන හිටියේ මේ ගුවන් සේවා දෙකේ social media වලිය දිහා කියලයි.

 

ඇත්තම ජයග්‍රහණය කාටද?

පාපන්දු තරඟයෙන් එංගලන්තය දිනුවත්, Marketing පැත්තෙන් බැලුවොත් මේ ගුවන් සේවා දෙකම විශාල ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. දින කිහිපයක් ඇතුළත ලක්ෂ සංඛ්‍යාත likes සහ comments වගේම ලෝකය පුරා විශාල Brand Visibility එකක් ඔවුන්ට නිකන්ම ලැබුණා.

අවසානයේදී British Airways ආයතනය විසින් Norwegian Air සෝෂල් මීඩියා කණ්ඩායමට නැවත ලන්ඩන් පැමිණීම සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් පවා තෑගි කර තිබුණා. FIFA ආයතනය නිතරම කියනවා වගේ, පාපන්දු ක්‍රීඩාව කියන්නේ ලෝකය එකතු කරන්න පුළුවන් සුපිරිම මෙවලමක් කියන්න මේ සිදුවීම කදිම උදාහරණයක්!

 

Image credit: www.instagram.com

Don't forget to share this post!

Recent Posts