ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.
අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරු දැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊට යටවී තුවාල ලැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි. ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.මෝටර් රථය පදවමින් සිට ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි. වේගයෙන් ධාවනය කරමින් තිබුණු මෝටර් රථය පාලනය කර ගැනීමට ඇයට නොහැකි වී ඇති අතර, මෝටර් රථය ප්‍රාථමික පාසලේ වැටේ හැපී, එම වැට පෙරළා ගෙන පාසල් භූමියට කඩා වැදුණු බව සිද්ධිය දුටුවෝ පවසා ඇත. පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද පැවැසෙයි. ඇය සමඟ මෝටර් රථයේ කුඩා දරුවකු සිටි නමුත් එම දරුවාට අනතුරක් සිදුවී නැත.