Melbourne වල Mother’s Day එක celebrate කරන්න හොඳම තැන් 5ක්

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල Mother’s Day එක celebrate කරන්න හොඳම තැන් 5ක්

Mother’s Day Banquet At Mya Tiger

කෙටියෙන් ESPY යනුවෙන් හඳුන්වනු ලබන Esplanade හෝටලය 1878 වර්ෂ‍යේදී ආරම්භ කරනු ලැබුවද, 2018 වනතෙක්ම නිද්‍රාශීලිව පැවැතියේය. නමුත් Sand Hill Road සහ Design studio Technē Architecture & Interior Design විසින් නූතනත්වය මුසුවූ වික්ටෝරියානු චමත්කාරත්වය සමඟ නැවත විවෘත කිරීමත් සමඟ, එය වීනෝදාස්වාදය මුසුවුණු සංගීතය සහ කොක්ටේල් සාද සමඟින් මේ වනතෙක්ම සක්‍රීයව පවතී. ඉහළ මාලයේ කැන්ටනීස් අවන්හලක් වන Mya Tiger පිහිටා ඇති අතර ඔවුන් විසින්ම අවුරුදු ගණනාවක් පුරාවට බැරල් තුළ බහා සාදනු ලබන උසස් තත්වයේ වයින්, කොක්ටේල් සහ බීර වලින් සප්පායම් වීමට ඉඩකඩ සලසනු ලබන බාර් 12කින් පමණ මෙම හෝටලය සමන්විත වේ. හැකිලිය හැකි වහලයකින් සමන්විත ඉහළ මාලයේ ටෙරාසයේ හිඳිමින් St Kilda Pier දෙස බලමින් අමු තෝරමාළු, කැරමල් වම්බටු සහ black pepper beef bristek වැනි ආහාර වර්ග ඇතුළත් මව්වරුන්ගේ දින භෝජන සංග්‍රහය රසවිඳීමට ඔබේ මව නොවරදවාම රැගෙන යන්න.

Beachside Lunch At Pipis Kiosk

Jordan Clay and Tom Hunter විසින් මෙහෙයවනු ලබන Pipis Kiosk, Albert Park  සහ Kerferd Road Pier අතර පිහිටා ඇත. සෑම විටම ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර පිළියෙල කර ගැනීම සඳහා, Two Hands ඔවුන්ගේ මුහුදු ආහාර සපයන්නා ලෙස වසර ගණනාවක සිට කටයුතු කරනු ලබනවා. 2020 දී ආරම්භ වූ දා සිට මෙහි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරනු ලබන Ben Parkinson ගේ නැවුම් මුහුදු ආහාර වලින් සමන්විත සෘතුමය මෙනුව බොහෝ දෙනා ප්‍රිය කරනු ලබනවා. බුකැටිනි සමඟ ගූල්වා පිපි පැස්ටා, දුම් දමන ලද තක්කාලි, මිරිස් සහ රුබාබ් මිග්නොනෙට් සමඟ පර්නොඩ් සහ සිඩ්නි රොක් බෙල්ලන් ඇතුළු මුහුදු ආහාර සමූහයේ ප්‍රියතම ආහාර ඔහුගේ මෙනුවේ දැකීමට හැකිය. ඔබේ මවත් සමඟ පැමිණ, බටර් සෝස් සමඟ ග්‍රිල් කරන මුහුදු පැලෑටි සහ New Orleans පන්නයේ බෝර්ඩලේස් සෝස් සමඟ මිශ්‍ර කරන ලද T-bone steak රස විඳීමට ද දැන් ඔබට අවස්ථාව ඇත.

The Ritz-Carlton Melbourne

Dandenong කඳුවැටි, Victoria වරාය සහ Port Phillip Bay පෙනෙන මානයේ තට්ටු 80 කින් ඉහළට නැඟී සිටින Ritz-Carlton  සම්මාන පවා හිමි කරගෙන ඇති Atria අවන්හල, Ritz Carlton Club සහ spa පහසුකම් වලින් සමන්විත වේ. මව්වරුන්ගේ දින සැමරුම් රාශියකින් සමන්විත මෙම සුඛෝපභෝගී හෝටලය lonsdale වීදීයෙහි පිහිටා ඇත. 130$ කින් පමණ ආරම්භ වන ෂැම්පේන් ට්‍රොලියක්, තේ සහ කෝපි වලින් සමන්විත සවස තේ පානයන් මෙන්ම,  මව්වරුන්ගේ දින වෙනුවෙන්ම විශේෂයෙන් වෙන්වු, 170$ කින් පමණ ආරම්භ වන වයින් සමඟ දිවා භෝජනයක් Atria අවන්හලෙන් සපයනු ලබන අතර ඔබේ මවගේ රුචිකත්වය අනුව 230$ සිට ආරම්භ වන spa පැකේජ ගණනාවක් ද  තෝරාගැනීමට ඇත.

The George On Collins

වසර් 12 ක් පුරාවට සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගෙන සිටි Long Room වසා දමා ඇත. එහි හිමිකරුවන් වන Simon Jones සහ Greg Kahan විසින් පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කරමින් George On Collins ආරම්භ කර ඇත්තේ පැරණි පන්නයට කෝපි කෝප්පයක් රස විඳිමින් කල් ගත කරන්නවුන් වෙනුවෙන්මය. කරකැවෙන DJ දුම් දමන සැමන් මාළු වලින් යුත් brunch ආහාර වට්ටෝරුව සහ වීදුරු බිත්තියක් පිටුපස සැඟවී ඇති ආසන 8කින් යුක්ත පෞද්ගලික කෑම කාමරය මෙහි විශේෂත්වයක් ගනු ලබයි. දවස පුරාවටම විවෘතව පවතින මෙහි අතිවිශේෂ වයින් එකතුව කීර්තිමත් වයින් විශේෂඥ Ainslie Lubbock විසින් තෝරාගෙන ඇත. මව්වරුන්ගේ දිනය වෙනුවෙන්ම වෙන් වූ 3 course මෙනුව, සජීවි සංගීතය ද සමඟින්ම ඔබට රස විඳීමට හැකිය.  

Moonhouse

Hanoi Hannah, New Quarter සහ Firebird වැනි ස්ථාන සමඟින් commune සමූහයට එකතුවන Moonhouse යනු Balaclava’s Carlisle Street හි ඇති නවීන චීන ආභාසය ලත් කුඩා අවන්හලකි. Anthony Choi, Shirley Summakwan සහ Enza Soto ඇතුළු කීර්තිමත් සූපවේදීන් විසින් චීන සංස්කෘතිය නියෝජනය කරනු ලබන ආහාර රැගත් මෙනුව සකස් කර ඇත. ටෝස්ට් කරන ලද ඉස්සන්, Hainanese chicken club සැන්ඩ්විච් වැනි සම්ප්‍රදායික ආහාර රැසක් මෙහිදී ඔබට රස විඳීමට අවස්ථාව ලැබේ. චීන ආහාර වේලකට පසු පලතුරු සහ ජෙලි පිරිනැමීමේ සම්ප්‍රදායට එකඟ වෙමින් පැඟිරි සමෙක් මත ඔබට පිළිගන්වනු ලබන ජෙලි, Moonhouse හිදී චීන සංස්කෘතිය හරයාකරවම වැළඳගනිමින් එකාත්මික වීමට ලබා දෙනු ලබන අගනා අවස්ථාවකි.

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024