One Nation ඕස්ට්‍රේලියාවේ බලය අල්ලයිද? දේශපාලන ලෝකය හොල්ලපු අලුත්ම සමීක්‍ෂණය!

මෑතකදී කරන ලද DemosAU poll, ජනමත සමීක්ෂණයෙන් පුදුම සහගත තොරතුරු වගයක් එළියට ඇවිත් තියෙනවා. අද දින මැතිවරණයක් පැවැත්වුවහොත්, Pauline Hanson ගේ නායකත්වයෙන් යුත් දක්ෂිණාංශික One Nation පක්ෂය රජයක් පිහිටුවීමට හෝ සන්ධානයක් සමඟ එකතු වී බලය අල්ලා ගැනීමට ඉතා ආසන්නයට පැමිණෙනු ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ.

මෙම සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඔස්ට්‍රේලියාව පාර්ලිමේන්තු අස්ථාවරත්වයකට (Hung parliament) මුහුණ දීමට ඉඩ ඇති අතර, කම්කරු පක්ෂය (Labor) සහ වන් නේෂන් පක්ෂය සුළුතර රජයක් පිහිටුවීමේ තරඟයක සිටිනවා.

 

සමීක්ෂණ දත්ත පෙන්වා දෙන ආකාරයට:

Labor: ආසන 60 ත් 72 ත් අතර ප්‍රමාණයක් දිනා ගැනීමට නියමිතයි.

One Nation: ආසන 53 ත් 66 ත් අතර ප්‍රමාණයක් දිනා ගැනීමට දැඩි සටනක යෙදී සිටිනවා.

Coalition: ආසන 11 ත් 22 ත් අතර ප්‍රමාණයකට පසුබැසීමේ අවදානමක් පවතිනවා.

Greens: ආසන 1 ත් 5 ත් අතර ප්‍රමාණයකට සීමා විය හැකියි.

මෙම පුදුම සහගත නැගී ඒම පිටුපස ඇත්තේ One Nation පක්ෂය Outer-metropolitan සහ ග්‍රාමීය ප්‍රදේශවල ලබාගෙන ඇති දැවැන්ත ජනප්‍රියතාවයයි. විශේෂයෙන්ම Pauline Hansonගේ Queensland ප්‍රාන්තය තුළ එම පක්ෂයේ මනාප ප්‍රතිශතය 34% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසන 30න් 20කම ඔවුන් පෙරමුණ ගෙන සිටිනවා.

මීට අමතරව බ්‍රිස්බේන්, පර්ත් මෙන්ම සිඩ්නි සහ මෙල්බර්න්වල outer metro seats කිහිපයකද One Nation පක්ෂය ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්.

 

පක්ෂය වටා ඇති මතභේද සහ අභියෝග

මෙම දේශපාලන රැල්ල අතරතුර, පක්ෂ නායිකා Pauline Hanson මෑතකදී එල්ල වූ විවිධ මතභේද සහ විවේචන හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටිනවා.

බ්‍රිතාන්‍ය සංචාරයකින් පසු ඇය විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ සංක්‍රමණිකයන් පිළිබඳ දැක්වූ මත නිසා ඇය දැඩි කතාබහට ලක් වුණා.

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ඇය මෑතකදී කළ ප්‍රකාශයක්ද සමාජයේ දැඩි විරෝධයට ලක් වුණා.

එමෙන්ම ඇයගේ දිගුකාලීන සගයෙකු වන Malcolm Roberts විවිධ න්‍යායන් සහ මතවාද හේතුවෙන් දැඩි විවේචනවලට මුහුණ දී සිටිනවා.

කෙසේ වෙතත්, සාම්ප්‍රදායික ලිබරල් සන්ධානයේ ඡන්දදායකයන්ගෙන් කොටසක් තවදුරටත් One Nation පක්ෂයට දැඩි ලෙස විරුද්ධ වන අතර, ඔවුන්ගේ මනාපයන් කම්කරු පක්ෂය වෙත යාම නිසා දේශපාලන සටන තවත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා..

 

Image credit: www.abc.net.au 

Don't forget to share this post!

Recent Posts