Queensland වෙරළ තීරයේ විෂ සහිත Irukandji Jellyfish වර්ගයක්

  • Home
  • /
  • News
  • /
  • Queensland වෙරළ තීරයේ විෂ සහිත Irukandji Jellyfish වර්ගයක්

Far North Queenslandහි ජීවිතාරක්ෂකයින් විසින් නිකුත් කරන ලද වීඩියෝවක් මේ වන ජනතාව අතර වඩාත් ජනප්‍රිය වෙමින් පවතී.

 

එම වීඩියෝවෙන් ජලයේ සිටින විෂ සහිත Irukandji jellyfish කොතරම් කුඩාද යන්න හෙළි කරයි. 

 

Cairns අසල Palm Cove Beachහි ගත් දර්ශනවල විෂ සහිත Irukandji jellyfishගේ ප්‍රමාණය සංසන්දනය කිරීම සඳහා ජෙලිෆිෂ් ඩොලර් 2 කාසියක් අසල පිහිනන ආකාරයක් වීඩියෝ ගත කර ඇත.විෂ සහිත Irukandji jellyfishගේ ප්‍රමාණය ඉතාමත් කුඩා බැවින් පිහිනුම්කරුවන්ට ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වී ඇත.

 

පෙට්ටි ජෙලිෆිෂ් වැනි විශාල ජෙලිෆිෂ් වර්ගවලින් ආරක්ෂා වීමට නිර්මාණය කර ඇති stinger දැල් මගින් Irukandji jellyfish ආරක්ෂාව ලබා නොදෙන බවට ජීවිතාරක්ෂකයින් අනතුරු අඟවයි. 

 

නොවැම්බර්  සිට මැයි දක්වා දිවෙන ජෙලිෆිෂ් සමය බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ තත්ත්වයකට පත්වනු ඇති බවට ඔප්පු වෙමින් පවතින අතර, ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආරක්ෂිතව සිටින ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිති.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025