ප්ලාස්ටික් ආවරණයකින් ඔතා සිඩ්නි ගුවන් තොටුපළ අසල ලඳු කැලෑවක දමා ගිය කාන්තා මළ සිරුරක් පොලිසිය හමු වී ඇති අතර එය සැක සහිත මරණයක් ලෙස සලකයි. අද (09) පෙරවරු 7.30ට පමණ ශ්‍රීමත් ජෝසප් බෑන්ක්ස් උද්‍යානයෙන් මෙම බිහිසුණු සොයා ගැනීම කර ඇත. කාන්තාවගේ සිරුර නරක් වූ තත්ත්වයක පැවති අතර, මරණය සිදුවූ නිශ්චිත වේලාව නොදන්නා නමුත් ඇය සති ගණනක් එහි සිටින්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මෙම කාන්තාවගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට මිනීමැරුම් රහස් පරීක්ෂකයින් කටයුතු කරමින් සිටින අතර, ඇයගේ වයස සහ අනන්‍යතාවය මෙතෙක් නිශ්චය කර නොමැත.විමර්ශකයින් ඇය කවුරුන්ද යන්න සොයා බැලීමේ උත්සාහයක් ලෙස අතුරුදහන් වූ පුද්ගලයින්ගේ වාර්තා සොයා බලමින් සිටී. මිනීමැරුම් බලකායේ අණදෙන නිලධාරී රහස් පරීක්ෂක අධිකාරී ඩැනී ඩොහර්ටි මියගිය කාන්තාවගේ පවුල ගැන කනස්සල්ල පළ කළේ ඇය යමෙකුගේ මව, දියණිය, සහෝදරිය හෝ මිතුරිය විය හැකි බව පවසමිනි.මරණයට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතී.