Sydney ජනතාවට මාරාන්තික මකුළුවන් ගැන අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • Sydney ජනතාවට මාරාන්තික මකුළුවන් ගැන අනතුරු ඇඟවීමක්

සිඩ්නි funnel-web මකුළු සමයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇති අතර, පිරිමි funnel-web මකුළුවන් සහකරුවන් සොයා පිටව යන බැවින් ජනතාවට අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත. මෙම මකුළුවන් Greater Sydney හරහා නිවාස සහ උද්‍යානවල පෙනී සිටීමට ඉඩ ඇති බවට අනතුරු අඟවයි. පිරිමි funnel-web මකුළුවන් විශේෂයෙන් උද්‍යාන, මඩු,රෙදි සෝදන ස්ථාන, ගරාජ, සපත්තු සහ තටාක පෙරහන් වැනි ස්ථානවලත් සිසිල්, තෙත් පරිසරයන් වෙත ද ඇදී යයි.

funnel-web මකුළුවෙකුගේ විෂ මාරාන්තික විය හැකි අතර, ප්‍රතිකාර නොකළහොත් මිනිත්තු 20ක් ඇතුළත මරණය සිදුවිය හැකි බැවින් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සඳහා ඉහත සදහන් කළ මෙම ප්‍රදේශ හොඳින් පරීක්ෂා කරන ලෙස විද්වතුන් ජනතාවගෙන් ඉල්ලා සිටිති. සපා කෑවොත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වන බැවින් ප්‍රමාදයකින් තොරව ළඟම ඇති රෝහල වෙත යන්න.funnel-web මකුළු ප්‍රතිවිෂ නිෂ්පාදනය කරන ඕස්ට්‍රේලියානු උරග උද්‍යානය, මෙම ජීවිතාරක්ෂක ප්‍රතිකාරය නිෂ්පාදනය කිරීමට උදව් කිරීම සඳහා ආරක්ෂිතව මකුළුවන් එකතු කර පරිත්‍යාග කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

සෑම ප්‍රතිවිෂ කුප්පියකටම මකුළුවන් 150ක් පමණ අවශ්‍ය වන අතර, හිතකර අභිජනන තත්වයන් හේතුවෙන් මෙම වසරේ පරිත්‍යාග කිරීම විශේෂයෙන් වැදගත් වේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ funnel-web සපාකෑම්වලින් වාර්තා වූ මරණ කිසිවක් නොමැත. ළඟම ඇති ස්ථාන සහ වැඩි විස්තර සඳහා Australian Reptile Park වෙබ් අඩවියට පිවිසිය හැක.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025