දෙරටටම හිමි වූ කුසලානය

  • Home
  • /
  • Sports
  • /
  • දෙරටටම හිමි වූ කුසලානය

සංචාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් T20 තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග පන්දු වාර 12කට සීමා කෙරුණු අතර කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුළු 6ක් දැවී ලකුණු 160ක් රැස් කළා. විශිෂ්ඨ පිතිකරණයක යෙදුණු නායක දසුන් ශානක පන්දු 9කට ලකුණු 34ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානයට කඩුළු 8ක් දැවී රැස් කළ හැකි වුයේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේ වීරයා ලෙස වගේම තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංග.

Don't forget to share this post!

Recent Posts

752
January 13, 2026