2026 ලෝක කුසලානයේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් 19 වන බ්‍රහස්පතිනදා (අද) සවස 3.00 ට (8.30 PM AEDT) ආරම්භ වීමට නියමිතයි.
තරඟය පැවැත්වෙන්නේ R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.
ප්‍රසාද ලකුණු 6ක් ලබාගත් ශ්‍රී ලංකාව මේ වන විට B කාණ්ඩයේ ඉහළින්ම රැඳී සිටින අතර ලකුණු 5ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම 2 වන ස්ථානයේ පසු වෙනවා.
කණ්ඩායම් 2ම සුපිරි 8 දෙනාගේ වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටියදී යි මෙම තරඟය පැවැත්වෙන්නේ.
Image credit: www.espncricinfo.com