මෙවර 20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන අවසාන තරඟය අද පැවැත්වෙනවා.
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙබරවාරි 27 වන දා (අද) රාත්‍රී 7.00 ට (AEDT 12.30 AM – 28 වන ඉරිදා) ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
සුපිරි 8 දෙනාගේ වටයේ 2 කාණ්ඩය යටතේ තරංග වදින ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දුන් තරඟ 2ම පරාජය වී අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
Image credit: www.espncricinfo.com