ක්‍රිකට් දිනවන්න සනත් වෙනුවට Gary

  • Home
  • /
  • Sports
  • /
  • ක්‍රිකට් දිනවන්න සනත් වෙනුවට Gary

පසුගිය දිනවල පවතී T20 ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා වගේම පරාජයන් ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. මෙම තරඟාවලියේ අවසානයත් සමඟ කණ්ඩායමේ සිදු වන ප්‍රධාන වෙනස්කම සිදු වන්නේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරපු හිටපු විශිෂ්ඨ පිතිකරුවකු වන සනත් ජයසූරිය මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට Gary Kirsten පත් කර තිබෙනවා. 

2027, එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය සඳහා සූදානම් වීම ආරම්භ කරන බැවින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු Gary Kirsten වසර 2ක කොන්ත්‍රාත්තුවක් මත කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව ක්‍රිකට් මණ්ඩලය සඳුදා ප්‍රකාශ කළා.

58 හැවිරිදි Gary Kirsten මීට පෙර ඉන්දියාව 2011 ලෝක කුසලාන ශූරතාව කරා මෙහෙයවූ අතර පසුව 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ කටයුතු කළා.

2024 දී ඔහු කෙටි කාලයක් සඳහා පාකිස්තානයේ white-ball ​coach ලෙසද සේවය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2026 අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක Gary Kirsten පත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“නව ප්‍රධාන පුහුණුකරු පත් කිරීම National High Performance Center හි ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දරන උත්සාහයේ කොටසකි.” යනුවෙන්ද ඔවුන් සඳහන් කර තිබුණා.

2027 ලෝක කුසලානය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

800
March 10, 2026