ශ්‍රී ලංකා කණ්ඩායම සහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය AEST වේලාවෙන් ජුනි 4 පෙරවරු 00.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 3 වන දා රාත්‍රී 8.00ට) ආරම්භ වෙනවා.
Kingston හි Sabina Park හි දී තරඟය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ, WI සංචාරයේ පළමු තරඟය මෙයයි.
තරඟාවලිය සඳහා සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතර නායකත්වය හිමි වන්නේ කුසල් මෙන්ඩිස්ටයි.
තරඟ 3කින් සමන්විත තරඟාවලියේ අනෙකුත් තරඟ ඉරිදා සහ අඟහරුවාදා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, චරිත් අසලංක, මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්
Image Credit: www.espncricinfo.com