ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ආරක්ෂක පවුර ගැන දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ආරක්ෂක පවුර ගැන දන්නවද?

ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවේ අපේ අය විශාල වශයෙන් පදිංචි වෙලා ඉන්න, රැකියා සහ අධ්‍යාපනය සඳහා නිතරම සංක්‍රමණය වන රටක්. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි හැමෝටම මේ රටේ නීතිය සහ ආරක්ෂක පද්ධතිය ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වටිනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආරක්ෂක බලකාය වන ෆෙඩරල් පොලීසිය (AFP) විසින් මෙරට වෙසෙන ජනතාවගේ සහ රටේ අනාගතයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.

 

කවුද මේ AFP කියන්නේ? ඔවුන් කරන්නේ මොකක්ද?

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (Department of Home Affairs) යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අපරාධ නීති බලාත්මක කිරීමේ ආයතනය තමයි  Australian Federal Police හෙවත් AFP කියන්නේ. සරලවම කිව්වොත් මුළු ඕස්ට්‍රේලියාවටම සහ Australian Capital Territory (ACT) එකට බලපාන Commonwealth (Federal) මට්ටමේ අපරාධ විමර්ශනය කරන්නේ මොවුන් විසින්.

 

ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වන්නේ;

  • රට අභ්‍යන්තරයෙන් සහ ජාත්‍යන්තරයෙන් එන ආරක්ෂක තර්ජන වලින් රට වැසියන් බේරා ගැනීම.
  • සංවිධානාත්මක මහා පරිමාණ අපරාධ සහ දේශසීමා හරහා සිදුවන ජාවාරම් මර්දනය කිරීම.
  • ඕස්ට්‍රේලියාවෙන් පිටත (Offshore) සිදුවන, නමුත් රටට බලපාන අපරාධ කල්තියා නතර කිරීම.
  • කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර පොලිස් නියෝජිතයා ලෙස කටයුතු කිරීම.

 

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තනිවම නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල පිරිසක් සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.

ඒ අතරට දේශීය පොලිස් සේවාවන්, බුද්ධි තොරතුරු සහ ආරක්ෂක ඒජන්සි, පෞද්ගලික අංශය වගේම විවිධ Communities පවා ඇතුළත්. ඕස්ට්‍රේලියානුවන්ට සහ මෙරට වෙසෙන සියලු දෙනාට හානි කිරීමට උත්සාහ කරන බරපතල අපරාධකරුවන්ට එරෙහිව AFP ක්‍රියාත්මක වෙනවා.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තමන්ගේ කලාපයේ අනෙකුත් රටවල ආරක්ෂක අංශ වෙත වෘත්තීය පොලිස් සේවාවන් සැපයීමට සහය දෙනවා. එමෙන්ම දේශසීමා හරහා සිදුවන අපරාධ පිළිබඳ තොරතුරු එකිනෙකා අතර බෙදාගනිමින් කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන්නත් ඔවුන් කටයුතු කරනවා.

රට තුළ සෑම දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් AFP පහත සඳහන් අනෙකුත් state සහ territory police forces සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.

  • ACT Policing
  • New South Wales Police Force
  • Northern Territory Police
  • Queensland Police
  • South Australia Police
  • Tasmania Police
  • Victoria Police
  • Western Australia Police Force

 

Don't forget to share this post!

Recent Posts

881
June 10, 2026