අපි කලින් article එකකින් කතා කළා එකම අධ්‍යාපන ආයතනයක් තුළ (Education Provider) පාඨමාලාව වෙනස් කරන විදිහ ගැන.
ඔයා දැනට කරන course එක හෝ ඉගෙනගන්න ආයතනය (Education Provider) මාරු කරන්නද හිතන් ඉන්නේ? හැබැයි ඔයා ඔයාගේ Main Course එක පටන් අරන් තාම මාස 6කට වඩා අඩු කාලයක් නම් වෙන්නේ, ඔයාට හිතුණු පළියටම ඒක කරන්න බැහැ.
මාස 6ක් සම්පූර්ණ වෙන්න කලින් ආයතනයක් මාරු කරන්න පුළුවන් වෙන්නේ සීමිත සහ විශේෂිත අවස්ථාවලදී විතරයි.
කෝස් එක මාරු කරන්න පුළුවන් විශේෂ අවස්ථා මොනවාද?
ඔයා ඉගෙනගන්න ආයතනය ඔයාගේ Transfer එක (වෙනත් ආයතනයකට මාරු වීම) සලකා බලන්නේ මෙන්න මේ වගේ අත්‍යවශ්‍යම හේතුවක් තිබුණොත් විතරයි;
- බරපතළ අසනීප තත්ත්වයක් ඇති වුණොත්.
- පවුලේ ළඟම කෙනෙක් අහිමි වුණොත් (පුළුවන් හැමවිටම මේ සඳහා මරණ සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ).
- ඔයාගේ මව් රටේ සිදුවන විශාල ව්‍යසනයක් හෝ හදිසි අනතුරක් නිසා හදිසියේම එරටට යන්න සිද්ධ වුණොත්.
- ඔයා මුහුණ දුන් යම් කිසි කනගාටුදායක හෝ කම්පන සහගත අත්දැකීමක් (Traumatic experience) නිසා.
ඔයා දැන් කරන්න ඕනේ මොකක්ද?
ඔයා වෙනත් ආයතනයක Enrol වෙන්න කලින්, දැනට ඔයා ඉගෙනගන්න ආයතනයට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ.
ඔයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් පස්සේ, ඔයාට වෙනත් ආයතනයකට මාරු වෙන්න අවසර දෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයාගේ දැනට ඉන්න Education Provider විසින්.
අවසර ලැබුණොත් ඊළඟ පියවර මොකක්ද?
යම් හෙයකින් ඔයා course එක පටන් අරන් මාස 6ක් යන්න කලින්ම මාරු වෙන්න දැනට ඉන්න ආයතනය අවසර දුන්නොත්, ඔවුන් ඒ බව කෙලින්ම Department of Home Affairs වෙත දැනුම් දෙනවා.
හොඳම දේ වෙන්නේ, ඒ නිසා ඔයාට අලුතින් Confirmation of Enrolment (CoE) එකක් යවන්න හෝ ඔයාගේ ImmiAccount එක Update කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් ඔයාත් මේ වගේ පියවරක් ගන්න ඉන්නවා නම්, මුලින්ම ඔයාගේ වත්මන් ආයතනය සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරන්න අමතක කරන්න එපා! එහෙමත් නැත්නම් Registered Migration Agents කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න.