ඕස්ට්‍රේලියාවේ course එක change කරනවානම් අලුත් Visa එකක් ඕනෙමද?

ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න student කෙනෙක්නම් ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. Course එක change කරන විදිහත් ඒ අතරින් එකක්. අපි කලින් කතා කලානේ ඔයා course එකේ මාස 6ක් සම්පූර්ණ කරලා නැත්නම් course එක change කරන විදිහ. අද අපි කියන්නේ මාස 6ක් සම්පූර්ණ කරලා තියනවානම් course එක change කරන විදිහ. 

ඔයාගේ Main Course එක මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා නම්, පාඨමාලාව හෝ අධ්‍යාපන ආයතනය මාරු කිරීමේදී අනුගමනය කළ යුතු නීති කිහිපයක් තිබෙනවා.

 

මාස 6කට පසු පාඨමාලාව හෝ ආයතනය මාරු කරනවා නම්:

  • ඔයාගේ වර්තමාන අධ්‍යාපන ආයතනයට ඒ පිළිබඳව දැනුම් දෙන්න.
  • එම ආයතනය විසින් ඒ තොරතුරු ස්වයංක්‍රීයව Department of Home Affairs වෙත දැනුම් දෙනවා.
  • ඔයා නව Confirmation of Enrolment (CoE) එකක් යැවීමට හෝ ImmiAccount එක update කිරීමට අවශ්‍ය නැහැ.

 

අලුත් Student Visa එකක් අවශ්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවකදීද?

ඔයා එකම level එකේ හෝ ඊට ඉහළ level එකක් පාඨමාලාවකට මාරු වෙනවා නම්, සාමාන්‍යයෙන් අලුත් Student Visa එකක් අවශ්‍ය වෙන්නේ නැහැ..

උදාහරණ විදිහට,

Diploma → Diploma 

Diploma → Bachelor’s Degree

ඒ වගේම Doctoral Degree එකක සිට Master’s Degree එකකට මාරු වීමේදීත් අලුත් visa එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.

Doctoral Degree → Master’s Degree

 

නමුත් පහළ level එකක course එකකට මාරු වීමට අදහස් කරනවා නම් අලුත් Student Visa එකක් සඳහා අයදුම් කළ යුතුයි.

උදාහරණ ලෙස,

Bachelor’s Degree → Diploma

ELICOS පාඨමාලාවකට මාරු වීම

 

අවසාන වශයෙන්…

Student Visa නීති ඔයාගේ Visa Subclass සහ පෞද්ගලික තත්ත්වය අනුව වෙනස් විය හැකියි. ඒ නිසා පාඨමාලාවක් මාරු කිරීමට පෙර Department of Home Affairs හි latest guidelines පරීක්ෂා කිරීම හෝ Registered Migration Agents කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න එක ඉතා වැදගත්.

Don't forget to share this post!

Recent Posts