සෑම විටම රැකියා අවස්ථා ප්‍රසිද්ධියේ දැන්වීම් පළ කරමින් ප්‍රචාරය කරන්නේ නැහැ. ඒ නිසා job සොයා ගැනීමට නම් ඔස්ට්‍රේලියානු job market එක ගැන අවබෝධයක් ලබාගෙන, ඔබේම උත්සාහයෙන් අවස්ථා නිර්මාණය කර ගැනීමට සිදු වනවා. Hidden Job Market එකට පිවිසීම සහ සංක්‍රමණිකයන් සඳහා වන රැකියා සේවා පිළිබඳව ඉගෙන ගැනීම මඟින් රැකියා නියුක්තියේ ඇති බාධක ජය ගන්න පුළුවන්.
ඒ නිසා ඔයත් ඕස්ට්‍රේලියාවේ Job එකක් හොයන කෙනෙක්නම් ;
Hidden Job Market එකට පිවිසීමෙන් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි කරගන්න පුළුවන්.
Migrant and refugee employment services (සංක්‍රමණික සහ සරණාගත රැකියා සේවා) මඟින් රැකියාවකට පිවිසීමේ මාර්ග වේගවත් කර ගත හැකියි.
සත්කාරක සේවා (Care), ආගන්තුක සත්කාර (Hospitality) සහ කාන්තා වෘත්තීය ක්ෂේත්‍ර (Women in trades) වැනි වේගයෙන් වර්ධනය වන අංශ කෙරෙහි අවධානය යොමු කරන්න.
රැකියා සෙවීම පහසු දෙයක් නෙවෙයි..
ඔස්ට්‍රේලියාවට පැමිණි විගසම ඔබේ Work Rights පරීක්ෂා කර බැලීම සහ නිතරම රැකියා අවස්ථා සොයා යාම අත්‍යවශ්‍යයි.
ඉතින් මේ එක එක ක්‍රමය ගැන වැඩි විස්තර අපි ඉදිරියේදී වෙනත් articles වලින් කතා කරමු. අද අපි මුලින්ම බලමු Employment websites සහ agencies ගැන.
Employment websites සහ agencies
Seek, CareerOne සහ Jora වැනි රැකියා වෙබ් අඩවි සහ LinkedIn වැනි social media platforms හරහා කුමන ආකාරයේ රැකියා ලබා ගත හැකිද සහ බඳවා ගන්නේ කුමන අංශ සඳහාද යන්න පිළිබඳව ඔබට අදහසක් ලබා ගන්න පුළුවන්.
මීට අමතරව, Recruitment and labour-hire agencies සම්බන්ධ කර ගත හැකියි.
Recruitment agencies: employersලා සමඟ permanent හෝ contract roles සඳහා ඔබව යොමු කිරීමට උත්සාහ කරන අතර, ඔවුන් ඒ සඳහා සේවා යෝජකයාගෙන් ගාස්තුවක් අය කරනවා.
Labour hire: ඔබට සෘජුවම රැකියාවක් ලබා දෙන නමුත්, ඔවුන් ඔබව වෙනත් සේවා යෝජකයන් යටතේ සේවය සඳහා යොදවනවා.