ඕස්ට්‍රේලියාවේ Skilled Visa Apply කරාද? Sep 19 සිට ක්‍රියාත්මක වන අලුත්ම Visa Priorities!

ඕස්ට්‍රේලියානු රජය විසින් Skilled Visa අයදුම්පත් සලකා බැලීමේ අලුත් නීති මාලාවක් හදුන්වා දී තිබෙනවා. එය 2026 සැප්තැම්බර් 19 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බවට සදහන් වෙනවා. Ministerial Directions 121 සහ 122 හරහා හඳුන්වා දී ඇති මෙම වෙනස්කම් අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, ඉගැන්වීම්, කෘෂිකර්ම, ජලජීවී වගා, ධීවර සහ පතල් යන අංශවලට මෙන්ම ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවලට අදාළ වීසා අයදුම්පත් සඳහා ඉහළම ප්‍රමුඛතාවක් ලබා දීමට තීරණය කර තියෙනවා.මෙම නීති යටතේ Temporary මෙන්ම Permanent සහ  Provisional වීසා අයදුම්පත් සලකා බැලීම විශේෂිත අනුපිළිවෙළකට සිදු කිරීමට කටයුතු කරනවා. 

 

ඉහත සදහන්  විශේෂිත වෘත්තීය අංශවලට ඉහළම ප්‍රමුඛතාව ලබා දීමෙන් අනතුරුව අයදුම්පත් සලකා බලන පිළිවෙළ වන්නේ,

01.ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, ඉගැන්වීම්, කෘෂිකර්මාන්තය, ජලජීවී වගාව, ධීවර සහ සම්පත් අංශවලට අදාළ වීසා අයදුම්පත්, හෝ ඕස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක අවශ්‍යතාවලට අදාළ වීසා අයදුම්පත්.

02.Skills in Demand වීසා බලපත්‍රයේ Specialist Skills ධාරාව යටතේ ඇති වීසා අයදුම්පත්.

03.අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට අයදුම්කරු ඕස්ට්‍රේලියාව තුළ සිටි වීසා අයදුම්පත්.

04.අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට ප්‍රධාන අයදුම්කරු ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටි සහ කිසිදු අවස්ථාවක වෙනත් පුද්ගලයෙකුගේ අයදුම්පතක් සමඟ සම්බන්ධ කර නොමැති වීසා අයදුම්පත්.

05.අනෙකුත් සියලුම වීසා අයදුම්පත්.

 

මෙම නව නියෝග ක්‍රියාත්මක වීමත් සමඟ මීට පෙර පැවති Ministerial Direction 119 නියෝගය සම්පූර්ණයෙන්ම අහෝසි වී යනවා.Ministerial Direction  121 යටතේ 2024 දෙසැම්බර් මස හඳුන්වා දුන් නව Skills in Demand (482)  visa subclasses නියාමනය වන අතර, Ministerial Direction 122 යටතේ 186, 189, 190, 491, 494 සහ 888 ඇතුළු permanent and temporary visa subclasses රැසක් ආවරණය කරනවා.

 

මීට අමතරව, වසා දමා ඇති ආයෝජන සහ ව්‍යාපාරික වීසා (188 සහ 132 subclass) සම්බන්ධයෙන් Ministerial Direction 114 ද, National Innovation – 858 සහ Global Talent වීසා සම්බන්ධයෙන් Ministerial Direction 120 ද බලපැවැත්වෙන බව රජය පවසනවා. වීසා අයදුම් කිරීමේදී පරක්කු වීම් මගහරවා ගැනීම සඳහා නිවැරදිව පරීක්ෂා කර එක් වරක් පමණක් සම්පූර්ණ අයදුම්පත ඉදිරිපත් කරන ලෙස  අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

 

වැඩිදුර තොරතුරු-

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-processing-times/visa-processing-priorities/skilled-visa 

 

Don't forget to share this post!

Recent Posts