The Tweed සහ Red Centre
2027 වසර සඳහා ඔයාගේ සංචාරක සැලසුම් හදන්න කලින් මේක අනිවාර්යෙන්ම කියවන්න.ලෝකයේ වඩාත් ජනප්‍රිය ‘Lonely Planet’ සඟරාව සිය ‘Best in Travel 2027’ ලැයිස්තුව මගින් ලොව පුරා සංචාරකයන්ට හොදම අත්දැකීම් විදගත හැකි ලෝකේ ස්ථාන නම් කරලා තියෙනවා.ඒ අතරට ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී ගමනාන්ත දෙකක් වෙත ලෝකයේම අවධානය යොමු වෙනවා. එනම් නිස්කලංක පරිසරයකින් යුතු ‘The Tweed’ ප්‍රදේශය සහ ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික හදවත බඳු ‘Red Centre’ ප්රදේශයයි. මේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් එහෙත් ජීවිතයට අමතක නොවන අත්දැකීම් එකතු කරන ස්ථාන දෙකක්.

The Tweed වෙරළ තීරය
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට The Tweed වෙරළ දකින්න පුළුවන්. මෙහි මිනිස් ජන ගහනයෙන් අඩු සුන්දර වෙරළ තීරයක්,කිලෝමීටර් 37ක් පමණ විහිදෙන රන්වන් පැහැති වෙරළ තීරයන්ගෙන්, ගංගා ආශ්රිත නගරවලින් සහ අලංකාරවත් කඳුකර ගම්මානවලින් මෙම ප්‍රදේශය සමන්විත වෙනවා. 2027 වසර සඳහා ඕෂනියා කලාපයෙන් ලොව හොඳම ගමනාන්ත 25 ලැයිස්තුවට තේරී පත් වූ එකම ඕස්ට්‍රේලියානු ස්ථානය වන්නේද මේක.මෙහි මුහුදු වෙරළට පමණක්ම නෙමේ Kingscliff සහ Cabarita Beach වැනි වෙරළබඩ නගරවල විවේකීව කාලය ගත කරන්නත්, මෙන්ම Pipit සහ Bistro Livi වැනි අවන්හල් වලින් වෙනස් ආකාරයේ ආහාර රසවිදින්න සංචාරකයින්ට අවස්ථාව උදාවෙනවා.

Red Centre
Lonely Planet ලැයිස්තුවේ ලොව හොදම අත්දැකීම් 25 අතරට එක්වූ අනෙක් ඕස්ට්‍රේලියානු ස්ථානය වන්නේ Northern Territory පිහිටි Red Centre. කාන්තාර භූමියක් වන මෙය Alice Springs නගරයේ සිට ප්‍රකට Uluṟu දක්වා විහිදෙයි. ඕස්ට්‍රේලියාවේ First Nations සංස්කෘතියේ සහ කලාවේ සැබෑ කේන්ද්‍රස්ථානයක් ලෙසටද හදුන්වනවා.
තරමක් හුදකලා ප්‍රදේශයක් වන බැවින්, ලොව අන් කිසිදු තැනක දැකිය නොහැකි විශේෂී කලා සම්ප්‍රදායන් මෙහි සුරක්ෂිතව පවතී. කලාගාර සහ කෞතුකාගාර 100කට අධික සංඛ්‍යාවකදී ඔබට ආදිවාසීන්ගේ පාරම්පරික dot paintings සහ ගල් ගුහා චිත්‍ර දකින්න පුළුවන්.
මෙහිදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු අත්දැකීම වන්නේ Uluṟu-Kata Tjuṯa ජාතික වනෝද්‍යානයේ රාත්‍රී අත්දැකීම. එහිදී ක්‍රියාත්මක වන ‘Field of Light’ සහ ‘Wintjiri Wiṟu’ වැනි ලෝක ප්‍රසිද්ධ ආලෝක සහ ඩ්‍රෝන සංදර්ශන මගින් කාන්තාරයේ අඳුර මැද අතීත කතන්දර අලුත් තාක්ෂණයෙන් සැබවින් පෙන්වන අයුරු දැකගැනීම සංචාරකයන් අවස්ථාව උදා වෙනවා.
Image Credit: http://www.tweed.nsw.gov.au/