ඔස්ට්‍රේලියාවේ First homebuyers average mortgage මුදල ඩොලර් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙනවා. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ Federal Government විසින් ඔවුන්ගේ 5% deposit scheme එකේ තිබූ income caps ඉවත් කිරීමයි.
2025 ඔක්තෝබර් මාසයේදී මේ income caps ඉවත් කළාට පස්සේ, first homebuyer loan ගන්න ප්‍රමාණය (loan numbers) සාමාන්‍යයෙන් අඩුවෙලා තිබුණත්, මේ scheme එක පාවිච්චි කරලා ගෙවල් ගත්ත අයගේ average mortgage එක ඩොලර් 49,800 කින් වැඩි වෙලා තියෙනවා.
පර්යේෂණ දත්ත මොනවාද කියන්නේ?
Australian Bureau of Statistics (ABS) මගින් නිකුත් කරපු දත්ත, Temple and Webster ආයතනය වෙනුවෙන් Primara Research ආයතනය විසින් විශ්ලේෂණය කිරීමෙන් පසුව මේ බව හෙළි වී තිබෙනවා.
Primara හි පර්යේෂණ ප්‍රධානී Peter Drennan පවසන විදිහට, මේ වැඩිවීම නිසා අලුතින් ගෙවල් ගන්න අයට මාසිකව තවත් ඩොලර් 587 ක අමතර මුදලක් mortgage එකට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.
Reserve Bank of Australia (RBA) මේ වසරේ හතරවන වතාවටත් interest rates වැඩි කරලා තියෙන නිසා (දැනට cash rate එක වසර 15ක ඉහළම අගය වන 4.6% කි), අලුතින් ගෙවල් ගත්ත අයට තමන්ගේ monthly budget එක plan කරන එක තවත් අමාරු වෙලා තියෙනවා කියලත් ඔහු පෙන්වා දෙනවා.
දැනට average first homebuyer mortgage එක ඩොලර් 610,063 ක් වෙනවා. Income caps ඉවත් කරපු quarter එකේදී විතරක් මේක 8.5% කින් එකපාරටම ඉහළ ගිහින් තියෙනවා.
High Income Earners ලටත් වාසි
මේ scheme එක 2020 දී Morrison government එකෙන් පටන් ගත්තේ first homebuyers ලට lenders mortgage insurance (LMI) නොගෙවා 5% deposit එකකින් විතරක් ගෙයක් ගන්න පුළුවන් වෙන්නයි. පසුව 2025 අගභාගයේදී Albanese government එකෙන් මේකේ ආදායම් සීමාවන් (income caps) අයින් කළා.
මේ තීරණය නිසා ඉහළ ආදායම් ලබන (High income earners) අයටත් මේ scheme එකෙන් ප්‍රයෝජන ගන්න ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා.
Scheme එක පාවිච්චි කරපු Single applicants ලගෙන් 7% ක්ම (පුද්ගලයින් 1162ක්) ඩොලර් 200,000 ට වඩා ආදායම් ලබන අයයි. මීට ඩොලර් 400,000 ට වඩා ආදායම් ලබන 38 දෙනෙකුත් ඇතුළත්.

Joint applicants (Couples) ලගෙන් 9.8% ක්ම ඩොලර් 250,000 ට වඩා ආදායම් ලබන අයයි. ඩොලර් 400,000 ට වඩා ආදායම් ලබන couples 92 කුත් මේ scheme එක පාවිච්චි කරලා තියෙනවා.
මේ scheme එක යටතේ ගත්ත ගෙවල් 1500 ක් පමණ දැන් investment properties බවට පත් කරලා තියෙනවා.
Income caps අයින් කළාට පස්සේ ගෙවල් 102,000 ක් විතර මේ scheme එකෙන් අරන් තියෙනවා (මේක සමස්ත first homebuyer purchases වලින් හරි අඩක් පමණ වෙනවා).
2020 ඉඳන් මේ දක්වා මේ subsidy එක පාවිච්චි කරලා ගෙවල් 320,000 ක් විතර අරන් තියෙනවා.
සමහරු මේ scheme එක පාවිච්චි කරන්නේ තමන්ගේ අතේ deposit එකට ප්‍රමාණවත් savings නැති නිසා වුණත්, තවත් සමහරු ගෙදර බඩු ගන්න (furnishing) සල්ලි අතේ තියාගන්න ඕන නිසා හිතාමතාම මේ scheme එක පාවිච්චි කරන බව පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.