රටක සමාජයක කුඩාම ඒකකය වන්නේ කුටුම්බය හෙවත් පවුලයි. පවුල යන්නට නිශ්චිත විශ්වීය නිර්වචනයක් නොමැති වුවත්, පවුල තුළින් ඉටුවන කර්තව්යයන් පදනම් කර ගනිමින් ඇමෙරිකානු මානව විද්යාඥ පී.පී. මර්ඩොක් මහතා දක්වා තිඛෙන පොදු වාසස්ථානයක ජීවත් වෙමින් ප්රජනනය හා ලිංගික කෘත්‍ය හා ආර්ථික සහයෝගීතාව මෙන්ම අධ්යාපනය තුළින් බැඳුණු සමාජ ඒකකය පවුල ලෙස අර්ථ ගැන්විය හැකිය.
පවුල ප්රධාන ආකාර දෙකක් යටතේ හඳුනා ගත හැකි බව සමාජ විද්යාඥයෝ සඳහන් කරති. ඒ න්යෂ්ටික පවුල සහ විස්කෘත පවුල ලෙසිනි. විවාහක පුරුෂයා බිරිද, ඔවුනගේ දරුවන් සෙසු ඥාතීන්ගෙන් වෙන්ව වාසය කරයි නම් එම පවුල න්යෂ්ටික පවුල, මූලික පවුල හෙවත් අනු පවුල ලෙස හඳුන්වති. අවශේෂ ඥාතීන් සමඟ මව පියා දරුවන් එක්ව ජීවත් වන්නේ නම් එය මහා පවුල හෙවත් විස්කෘත පවුල ලෙස සලකති.
ලෝකයේ බොහෝ සාම්ප්රදායික ජන සමාජ තුළත් විශේෂයෙන් ශ්රී ලාංකීය ජන සමාජයෙත් අතීතයේ පැවතියේ විස්කෘත පවුල් සම්ප්රදායකි. ආච්චි, සීයා, ලොකු අම්මා, ලොකු තාත්තා, නැන්දා, මාමා, සමඟ මව පියා සහ දරුවන් ඉතා සහයෝගයෙන් ඒ තුළ ජීවත් විය. අතීතයට සාපේක්ෂව ක්රමිකව වර්ධනය වෙමින් ඇති ආර්ථික, සාමාජීය හා සංස්කෘතික හා වෙනත් ගැටළු සහ අවිනිශ්චිතතා හේතුවෙන් වර්තමාන පවුල් සංස්ථාවේ කඩා වැටීමක් මෙන්ම එහි සෑම සාමාජිකයෙකුම අඩු වැඩි වශයෙන් යම් පීඩනයකට ව්යාකූලත්වයට පත්ව තිබෙන බවත් දක්නට ලැබේ. වර්තමානයේ විවාහ වන බොහෝ තරුණයන් තරුණියන් දෙමාපිය ඥාති ඇසුරෙන් වෙන්ව වෙනත් නිවෙසක පදිංචි වීමේ ප්රවණතාවක් පවතී. නව නිවසක් ගොඩනගා ගැනීමට නොහැකි නම් නගරාසත්ත ජනප්රිය පාසලක් ආසන්නයේ කුලියට හෝ බද්දට පදිංචි වෙති. ඔවුන්ගේ ප්රධාන ඉලක්කය නගරයේ ජනප්රිය පාසලකට තම දරුවන් ඇතුළත් කර ගැනීමය.
විධිමත් අධ්යාපන ආයතනයකට ඇතුළත් වීමට පෙර දරුවෙකුට ප්රාථමික අධ්යාපනයත් ඔවුන්ගේ සාමාජීය ජීවිතය හැඩගස්වන සමාජානුයෝජනය සිදු කරන්නේ පවුල් සංස්ථාව තුළිනි. එහෙත් දැන් නැකතට අකුරක් කියවූ වහා විවිධ විෂයයන් සඳහා දරුවත් අමතර පංති යැවීමට දෙමාපියෝ පෙලඹී සිටිති. ආච්චි සීයා කියාදෙන රසවත් කතාන්දරයක් කවියක් ගීතයක් අහන්නට එවුනට අවකාශ නැත. සමහර දෙමාපියන් තම දරුවන් සියලා ආච්චිලාගේ ඇසුරට යනවාට කැමති නැත. ඒ ඔවුන්ගේ හනමිටි අදහස් නිසා අධ්යාපනය කඩා වැටී ලමයින් මෝඩයන් වේ යැයි හිතළුවෙනි. මෙලෙස පාසල, අමතර පංති අතර නිරන්තරව සංක්රමණය වන දරුවෝ හොඳින් හෝ නරකින් ජය ගැනීමේ මානසික තත්වයකට පත්ව සිටිති.
ආසන්නතම නිදසුන විද්යාලීය ශිෂ්‍ය තායිකාව වීම සඳහා සුදුසුකම් සපිරූ තම සහෝදර සිසුවියන්ගේ ජල බෝතල්වලට තවත් සිසුවියක් වස මුසු කිරීමය. ඇය තම අභියෝග ජය ගැනීමට උත්සාහ දරා තිබුණේ එලෙසය. ගුරු දෙගුරු වැඩිහිටි අවවාද උපදෙස් පිළිගැනීමට ද අද ඇතැම් දරුවන් කැමති නැත. එවන් අවවාදයන් හමුවේ ආශීර්විෂයා (සර්පයා) සේ කිපෙන ඔවුහු හෙල්මට්, පොලු, මුගුරු වලින් අවවාද දුන්නන්ට සංග්රහ කරති.
දැනුම් භාණ්ඩාගාරයක් වන අන්තර්ජාල පහසුකම් අද බොහෝ දරුවෝ අවභාවිතා කරති. ඉගෙනුමට අත්වැලක් ලෙස නොකා නොබී දරුවන් අතට පත් කරන ජංගම දුරකථනය පිළිබදව නිසි දැනුමක් දෙමාපියන්ට නොමැති වීම සමහර දරුවන් තම වාසියට හරවා ගෙන තිබේ. ආර්ථික හේතු මත පියා හෝ බිරිදට නොඑසේ නම් දෙදෙනාම පවුල් සංස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන ප්රවනතා ද තිබේ. විශේෂයෙන් ගෘහ සේවා සඳහා මව පිටත්ව ගොස් සිටින ඇතැම් පවුල් මුහුණ පාන්නේ දැඩි දුෂ්කරතාවයකටය. එම පවුලේ ගැහැණු දරුවන් සිටිත් නම් බොහෝ විට ඔවුන්ගේ ඉගෙනීම එතැනින් හමාරය. පියා මත්ලෝලියෙකු වේ නම්, පියාගේ හෝ වැඩිහිටි පිරිමින්ගේ ලිංගික අතවරයන්ට මුහුණ පෑමට එම ගැහැණු දරුවන්ට සිදු වේ.
පොදුවේ ගත් කල පූජක හා පූජ්‍ය පක්ෂවල සහ ගුරු දෙගුරු මෙන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වන වෘත්තීන්ගේ නිරත පුද්ගල කොට්ඨාශ වෙතින් දරුවන්ට සිදුවන ලිංගික හිංසන පිළිබඳ දිනපතා අසන්නට ලැබේ. සමහර මව්–දෙමව්පියෝ ද තම ලෙයින් උපන් දරුවන් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමට පෙලඹී සිටිති. අතීත පවුල් සංස්ථාව තුළ තම දෙමාපියන් වැඩිහිටියන් වයොවෘද්ධ වූ පසු රැකබලා ගැනීමේ සංස්කෘතියක් ශ්රී ලාංකීය ජන සමාජයේ පැවතිණි. එහෙත් අපටම ආවේණිකව තිබූ මේ වැඩිහිටියන් රැකබලා ගැනීමේ සහ කළගුණ සැලකීමේ යහගුණය, ක්රම ක්රමයෙන් ඉවත්ව දෙමාපියන් වැඩිහිටි නිවාස තුළ ගාල් කිරීමේ හෝ මහමඟ දමා යෑමේ ප්රවනතාවක්ද මේ වන විට වර්ධනය වෙමින් තිබේ.
වර්තමානය වන විට බොහෝ දෙමාපියන් ගේ මතය තම දරුවන් විදේශ ගත කිරීම. ඉන් පසු ඔවුන්ගේ අනුග්රහයෙන් තම අවසාන කාලයද විදේශ රටක පුරවැසියෙකු ලෙස ගෙවා දැමීමය. ඒ තරමටම වර්තමාන පවුල් සංස්ථා මානසිකත්වය බිඳ වැටී ඇත. වර්තමාන පවුල් සංස්ථාව තුළ මතුව ඇති මේ අවාසනාවන්ත තත්වයන් කාන්තා දිනය, විශ්ව ළමා හා වැඩිහිටි දිනය ආදී ජාත්යන්තර දිනවලදී හඬනගා ඉන් පසු අමතක කර දැමීම අපේ රටේ සාමාන්‍ය පිළිවෙතයි. මේ සඳහා සාධනීයව හා සද්භාවයෙන් ඉදිරිපත් කරන යෝජනා යටපත්වීමද, ස්වභාවිකව සිදුවේ. මෙහි යම් සාධනීය වෙනසක් ඇති කළ හැක්කේ අප අපම මේ පිළිබදව අවබෝධ කර ගෙන පවුල් සංස්ථාව තුළින්ම පියවරක් ගතහොත් පමණි.