11 වන Mister World තරගය රටවල් 60ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 23 වැනිදා වියට්නාමයේ දී පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චිට 11 වන Mister World තරගයේ අවසන් 10 අතරට පිවිසීමට හැකියාව ලැබුණි.ඒ අනුව ඔහු People’s Choice අංශය ජය ගත් අතර, මීට අමතරව ඔහු Best National Costume People’s Choice තරග වටයද ජය ගත්තේය.1998 වසරේ සිට Mister World කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව තරග කල අතර, ශ්‍රී ලංකාව මේ දක්වා ලැබූ පළමු ජයග්‍රහණය වන්නේද මෙයයි.ඒ අනුව Mister World තරගයකදී අවසන් වටය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මේඝ යි.කොළඹ ඩී. එස්. සේනානයක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරු ඔහු රංගන ශිල්පියෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වේ.මේ දිනවල ශ්‍රී ලංකාවේ සිනමාහල්වල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ද මේඝයි. දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයක් වේ.”Marine Drive” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝයි.