ළහිරු කුමාර ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ළහිරු කුමාර ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ළහිරු කුමාර විසින් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩා දිවියේ විශේෂ කඩඉමක් පසුකිරීමට සමත් විය.දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙකු වූ ඒඩියන් මාක්‍රම් දවාගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර, එම කඩුල්ලත් සමග ටෙස්ට් කඩුලු 100 කඩයිම පසුකිරීමට ළහිරුට අවස්ථාව උදාවිය.ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකළ 9වැනි පන්දු යවන්නා බවට ඔහු පත්විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 139වැනි ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේට එරෙහිව 2016 වසරේදී ටෙස්ට් ක්‍රිකට් දිවිය ඇරඹූ ළහිරු මේ වනවිට තරග 33ක ඉනිම් 55කට ක්‍රීඩාකර කඩුලු 101ක් බිඳහෙලා සිටියි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025