වසර 05කින් පසුව චීනය පුරා තවත් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි.

  • Home
  • /
  • News
  • /
  • වසර 05කින් පසුව චීනය පුරා තවත් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි.

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරසයන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Human metapneumovirus (HMPV) වශයෙන් හදුන්වන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් ඇත.ඒ අතර කොවිඩ් 19 රෝගීන්ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊට අමතරව ඉන්ෆුවෙන්සා වෛරසය ද චීනයේ පැතිර යමින් පවතී.වෛරස තත්ත්වයන් චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවටත් වාර්තා වේ.පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි වාර්තා පළවන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තාවීමක් හෝ රෝග තත්ත්වය සම්බන්ධයෙන් චීන බලධාරින් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් ද සිදු කර නොමැත.

Don't forget to share this post!

Recent Posts

landscape-with-windmills
February 5, 2025