ශ්‍රී ලංකාවට මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රශංසා

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවට මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රශංසා

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

මෙම වාර්තාව ඊයේ (03) දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව ඉදිරිපත් කර ඇති අතර එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ  පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර ඇතැයි වාර්තා වේ. 

ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බව ද අවධාරණය කර තිබේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රජයේ පාර්ශවයෙන් ද වාචික වාර්තාවක් ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබීය.

වත්මන් රජය ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා ගෙනයනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් එම වාර්තාව මඟින් දැනුවත් කර තිබේ.

සියලු පුවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ  රජය කැපවී සිටින බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Don't forget to share this post!

Recent Posts

513417400_1049724970560583_6725300666528324589_n
July 1, 2025