ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදු කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදු කරයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා මාර්ග ගවේෂණය කිරීම අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙන අතර මෙම  සංචාරයෙන් අනතුරුව ඔහු අයර්ලන්තයට පැමිණීමට නියමිත බව සඳහන් ය.

එස්. ජයශංකර් ප්‍රථමයෙන් ලන්ඩනයට පැමිණ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සමඟ ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇති අතර එහිදී, ඔවුන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂිතය.

එමෙන්ම ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වනු ඇතැයි වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

513417400_1049724970560583_6725300666528324589_n
July 1, 2025