Bricks රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණයක

  • Home
  • /
  • News
  • /
  • Bricks රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණයක

Bricks රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කරයි. ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) Bricks රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය හමුවීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා බහුපාර්ශ්වික ආයතන සමග සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සංවර්ධන පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියා රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද ඔහු පැවසීය.

ඉන්දුනීසියාවේ තීරණය පිළි ගන්නා බව Rousseff මහත්මිය ප්‍රකාශ කළාය. ඉන්දුනීසියාවේ සංවර්ධන දිශාව බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආයෝජන ක්ෂේත්‍රයන්ට අනුකූලය. යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාව සහ බලශක්ති පරිවර්තනය යන ක්ෂේත්‍රවල, දෙපාර්ශවයට පුළුල් සහයෝගිතා අවස්ථා ඇති බව ඇය සඳහන් කළා ය.

ශැංහයි නගරයේ මූලස්ථානගත ව ඇති බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව විසින් 2015 වසරේ ඒකාබද්ධව පිහිටුවන ලද බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි. බ්‍රික්ස් රටවල්, සෙසු නව නැගී එන ආර්ථිකයන් මෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් හා තිරසර සංවර්ධන ව්‍යාපෘතිවලට සහාය දීම එහි අරමුණ ය.

Don't forget to share this post!

Recent Posts

513417400_1049724970560583_6725300666528324589_n
July 1, 2025