අගමැති මෝදිගේ ශ්‍රි ලංකා සංචාරය ගැන නිවේදනයක්

  • Home
  • /
  • News
  • /
  • අගමැති මෝදිගේ ශ්‍රි ලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා  සංචාරය ගැන ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව එළඹෙන අප්‍රේල් 04 සිට 06 දක්වා මෝදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් ය.  

ශ්‍රී ලංකාවේ සිටියදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතය.

මෙම සංචාරයේදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද හුවමාරු කර ගැනීමට නියමිත බවත් සඳහන් ය. 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ. 

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025