රිය පැදවීම අවධානම් කරන රෝග පිළිබදව වගේම ඔබටත් එවැනි රෝගී තත්වයක් තියනවනම්, රියදුරෙකු වශයෙන් ඔබේ කාර්යභාරය, වගකීම් සහ අදාළ නීති රීති ගැන පසුගිය සතිවල අපි කතා කළා. අද අපි බලමු ආරක්‍ෂාකාරීව රිය පදවන්න බැරි වීමට බලපාන තාවකාලික තත්වයන් කිහිපයක් ගැන.
ආරක්ෂිතව රිය පැදවීමේ හැකියාවට තාවකාලිකව බලපාන පුළුල් තත්ත්ව රාශියක් තිබෙනවා. මේ අතර ශල්‍යකර්මයකින් පසු සුවය ලැබීම, දරුණු ඉරුවාරදය හෝ අත් පා වලට සිදු වූ තුවාල වැනි තත්වයන් ඇතුළත් වෙනවා. මෙම තත්වයන් රියදුරු බලපත්‍රයට බලපාන්නේ නැහැ. ඒ නිසා බලපත්‍ර අධිකාරිය දැනුවත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ වගේ අවස්තාවකදී වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම commercial vehicle drivers ලා සඳහා රිය පැදවීමෙන් වැළකී සිටීමට නිර්දේශිත කාල පරිච්ඡේදයක් ලබා දෙනවා. මේ වගේ අවස්ථා වලදී අදාළ නිසි උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.
රිය පැදවීමේ හැකියාවට තාවකාලිකව බලපාන සමහර පොදු තත්වයන් කිහිපයක් ගැන සහ ඒ තත්ත්ව කළමනාකරණය කරගන්නේ කොහොමද කියල කතා කරමු.
Anaesthesia and sedation
නිර්වින්දනයෙන් කිරීමකින් පස්සේ යම් කාලයක් සඳහා ශාරීරික හා මානසික ධාරිතාවල දුර්වල ස්වභාවයක් ඇති විය හැකියි (general anaesthesia, local anaesthesia සහ sedation ඇතුළුව). මේවායේ බලපෑම, ලබා දෙන ඖෂධ වර්ගය, කාල සීමාව, සැත්කමේ ස්වභාවය වගේ සාධක මත රඳා පවතිනවා. ඒ වගේම වේදනා නාශක භාවිතයත් මෙහිදී සලකා බැලිය යුතුයි.
මෙවන් අවස්තාවකදී ශාරීරික හා මානසික සුවය ආරක්ෂිතව රිය පැදවීමට යෝග්‍ය වන තෙක් රෝගීන්ට රිය පැදවීමෙන් වලකින ලෙස උපදෙස් දීම ශල්‍ය වෛද්‍යවරයාගේ/දන්ත වෛද්‍යවරයාගේ සහ නිර්වින්දන වෛද්‍යවරයාගේ වගකීම වෙනවා. සමහර සුළු හිරිවට්ටන අවස්ථා වලදී (උදා: dental block) අදාළ ප්‍රතිකාරය ඉවර වුණු විටම රිය පැදවීම ගැටළුවක් නොවෙන්න පුළුවන්.
සමහර කෙටි සැත්කම් වල දී, රෝගියා සාමාන්‍ය රාත්‍රී නින්දකින් පසු රිය පැදවීමට සුදුසු වෙන්න පුළුවන් වගේම තවත් සමහර දිගු සැත්කම් වලින් පසු, පැය 24ක් හෝ ඊට වැඩි කාලයකට පසුව වුවද රිය පැදවීම ආරක්ෂිත නොවිය හැකියි.
ඖෂධ හෝ වෙනත් ප්‍රතිකාර
නව ඖෂධ/ඖෂධ ක්‍රමවලට අනුවර්තනය වීම හෝ සමහර ප්‍රතිකාර (උදා: විකිරණ චිකිත්සාව හෝ රක්තපාත විශ්ලේෂණය) ආදිය සඳහා කාලයක් රිය පැදවීමෙන් වැළකී සිටීමට සිදු වෙන්න පුළුවන්.
ප්‍රතිකාරයේ තත්වය සහ රෝගියාගේ රිය පැදවීමේ අවශ්‍යතා ආදිය සලකා බලා වෛද්‍යවරුන් විසින් රිය පැදවීමෙන් වැළකී සිටිය යුතු කාලය නිර්දේශ කරනවා.
Post-surgery
ශල්‍යකර්මයේ ස්වභාවය, සිදු කරන ලද ස්ථානය සහ ප්‍රමාණය අනුව සැත්කම රිය පැදවීමේ හැකියාවට විවිධ මට්ටම් වලින් බලපානවා.
මෙහිදී ද ශල්‍යකර්මයේ ස්වභාවය අනුව වෛද්‍යවරුන් විසින්, ශල්‍යකර්මයෙන් පසු රිය පැදවීමෙන් වැළකිය යුතු කාලය තීරණය කරනවා. රිය පැදවීමට යෝග්‍යතාවය තීරණය කිරීමේදී ප්‍රායෝගික රියදුරු තක්සේරුවක් (practical driver assessment) උපකාරී විය හැකියි.
Pregnancy
සාමාන්‍ය තත්වයන් යටතේ ගැබ් ගැනීම රිය පැදවීමට බාධාවක් ලෙස සැලකෙන්නේ නැහැ. කෙසේ වෙතත්, රෝගීන්ට උපදෙස් දෙන විට සමහර ගර්භනීබාවය සමඟ සම්බන්ධ විය හැකි තත්වයන් සලකා බලනවා. මේවාට ඇතුළත් වන්නේ:
- ක්ලාන්තය හෝ light-headedness තත්ත්ව
- hyperemesis gravidarum (ගර්භණී අධි රුධිර පීඩනය)
- සිසේරියන් සැත්කමෙන් පසු ඇතිවන අධි රුධිර පීඩනය
රෝග ලක්ෂණවල බරපතලකම සහ ඖෂධවල බලපෑම් මත රිය පැදවීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි.
තාවකාලික හෝ කෙටි කාලීන දෘශ්‍යාබාධ
විවධ තත්ව සහ ප්‍රතිකාර කෙටි කාලීනව පෙනීම දුර්වල වීමට බලපාන්න පුළුවන්. නිදසුන් විදිහට, ඇසක තාවකාලික patching එකක්, mydriatics භාවිතය හෝ පෙනීම දුර්වල කරන වෙනත් ඖෂධයක් භාවිතය හෝ අක්ෂි සැත්කම් දක්වන්න පුළුවන්.
මෙලෙස කෙටි කාලීන අක්ෂි රෝගයකින් හෝ අක්ෂි ප්‍රතිකාරයකින් තාවකාලිකව පෙනීම දුර්වල වූ පුද්ගලයින්ට සුදුසු කාලයක් සඳහා රිය පැදවීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් විසින් උපදෙස් දෙනවා.
ඉතින් මෙවැනි අවස්තාවලදී රියදුරු බලපත්‍රයට කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. නමුත් පුරවැසියන් විදිහට අපෙත් පාරේ ගමන් කරන අනිත් අයගෙත් ආරක්ෂාව ගැන හිතල මේ අනාරක්ෂිතයි කියල වෛද්‍යවරුන් නිර්දේශ කරන කාල වලදී රිය පැදවීමෙන් වැළකී ඉන්න එක අපි හැමෝගෙම යුතුකමක්.