නැගෙනහිර වෙරළ කළඹන කුණාටුව – හදිසි අනතුරු ඇඟවීම් රැසක්

  • Home
  • /
  • News
  • /
  • නැගෙනහිර වෙරළ කළඹන කුණාටුව – හදිසි අනතුරු ඇඟවීම් රැසක්

අද (ජුලි 1, අඟහරුවාදා) දැවැන්ත සුළි කුණාටුවක් NSW නැගෙනහිර වෙරළ තීරයට හමා ආ අතර, එය හදිසි ගංවතුර තත්ත්වයන්  සහ අනතුරුදායක සුළං අවදානමක් ඇති කළේය. තත්වය තව දුරටත් දරුණු අතට හැරෙමින් පවතියි.

“Bombogenesis” ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් වන මෙමගින් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් එක රැයකින් අඩු පීඩන තත්ත්වයක් ඇති වූ අතර, එත් සමග 120mm දක්වා වර්ෂාපතනයක් සහ 125km/h දක්වා වේගයකින් යුත් සුළං ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් කෙරුණි.

දකුණු වෙරළ තීරයේ Moruya සිට උතුරු ගංගා කලාපය දක්වා අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ. භයානක රළ පහරවල් සහ තද සුළං හේතුවෙන් ferries සේවා කිහිපයක් අවලංගු කර ඇත. Rose බොක්ක සහ Watsons බොක්ක අතර ferries අවලංගු කර ඇති අතර, F9 Watsons Bay Wharf වසා දමා ඇත. එත් සමගම විකල්ප ප්‍රවාහන ක්‍රම සලකා බලන ලෙස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

දැඩි සුළං හේතුවෙන් අවට ඇති ගොඩනැගිලි වලට හානි සිදු වී ඇති අතර අවට ප්‍රදේශවල නිවාස 18,000 කට පමණ මේ වන විට විදුලිය විසන්දිව ඇත. විදුලි බිඳ වැටීම යතා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ගස් සහ විදුලි රැහැන් කඩා වැටීම් සම්බන්ධව අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබේ. 

ඉදිරි පැය කිහිපය තුළ තෙත් සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවත්, විශේෂයෙන් Illawarra සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ සඳහා රාත්‍රිය පුරාවටම එම තත්ත්වය පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Miriam Bradbury අද දහවල් වන විට පැවසුවා ය. ඇය තව දුරටත් පවසා සිටියේ හෙට උදෑසන දක්වා වැසි සහ සුළං තත්වයේ දැඩි බවක් පැවතිය හැකි අතර දහවල් වන විට තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි.

X හි තබන ලද නවතම සටහනක දී, කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ නැගෙනහිර නිව් සවුත් වේල්ස් හි බොහෝ ප්‍රදේශවලට වර්ෂාව දැඩි වී ඇති බවත් එය රැය පුරා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය. නැගෙනහිර නිව් සවුත් වේල්ස් සහ ගිනිකොනදිග (වික්ටෝරියා) බොහෝ ප්‍රදේශවලට ගංවතුර නිරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් එහි සඳහන් විය.

NSW SES ආයතනය, NSW මධ්‍යම වෙරළ තීරයේ Wamberal ඇතුළු ස්ථාන රැසකින් පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස නියෝග කර ඇත. NSW SES සිදුවීම් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිචාර දක්වමින් සිටින බව ඔවුන් පවසා සිටිනවා. NSW SES නියෝජ්‍ය කොමසාරිස් Debbie Platz මීට මොහොතකට පෙර ABC වෙත පවසා සිටියේ, සංකීර්ණ තත්ත්වය දකුණට ගමන් කරන විට Sydney, Illawarra සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ සඳහා එක රැයකින් තත්වයන් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අධික වර්ෂාපතනය, හානිදායක සුළං තත්ත්වයන් හේතුවෙන් NSW SES විසින් Jervis බොක්ක, Ulladulla සහ Batemans බොක්ක සඳහා නව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025