ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 03කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ආරම්භ වන්නේ දෙරට අතර 20/20 තරග ඉතිහාසය තුළ බංග්ලාදේශය ශ්‍රී ලංකාව හමුවේ කිසිදු තරගාවලියක් ජයගෙන නොමැති පසුබිමකයි.
එහෙත්, පසුගිය වසරේදී දෙපිල අතර පැවති තරග 04කින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරග 02 බැගින් ජයගෙන තිබුණා. මෙතෙක් දෙපාර්ශ්වය අතර පැවති තරඟ 17කින් 11 ක් ජයගත්තේ ශ්‍රී ලංකාවයි, ඉතිරි 6 බංග්ලාදේශය ජයගන්නා ලදි.
මෙවැනි තරඟාකාරී පසුබිමක් මැද 20/20 තරගාවලියක් සඳහා මූලික මෙන්ම තීරණාත්මක තරගයක් අද රාත්‍රියේදී පැවැත්වෙනු ඇත. 03වන එක්දින තරගය අතරතුර ආබාධයකට ලක්වූ වනිදු හසරංග 20/20 තරගාවලියට එක්වීමට නොහැකිවේ.
Image Credit goes to by : https://www.thecricketpanda.com/sl-vs-ban-1st-t20i-2025/