සිඩ්නි හි පිහිටලා තිබෙන වෙනස්ම විදිහේ අවන්හලක් ගැනයි මේ කියන්න හදන්නේ. ඒ තමයි Colombo Social. මෙය ශ්‍රී ලාංකික ආහාරවල විචිත්‍රවත් සම්ප්‍රදායන් වලට බටහිර රසයන් මනාව මිශ්‍ර කරලා ඔබට ඉදිරිපත් කරනවා.
Shaun විසින් ආරම්භ කරන ලද මේ අවන්හල, නිකන්ම අවන්හලකට වඩා සමාජ බලපෑමක් සිදු කරන විනෝදජනක ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අවන්හල අත්‍යවශ්‍ය ය වෙනුවෙන් රැකියා සහ පුහුණු අවස්ථා සපයන අතර, ඔවුන්ගේ ශක්තිය, කථා සහ සංස්කෘතිය ලොවට බෙදනවා.
මෙහි ඇති තවත් සුවිශේෂීම දෙයක් තමයි ඇණවුම් කරන සෑම set menu එකක් සමඟම, ආහාර හිඟයට මුහුණ දෙන අයට ආහාර පරිත්‍යාග කිරීම. ඒ කියන්නේ ඔයා සිඩ්නි සිට set menu එකක් order කරන විට ශ්‍රී ලංකාවේ සහ Sydney වල සිටින අයටත් ඒ සමගම ආහාර වේලක් වෙන් කෙරෙනවා. ඔයා Colombo Social වෙතින් කෑම වේලක් ලබා ගන්නවා කියන්නේ ඔයා දෙදෙනෙකුට ආහාර ලබා දෙනවා කියන එක.
ඉතින් Colombo Social වෙතින් ඔයාට පොල් සම්බෝල රයිතා සහ සැල්දිරි මැල්ලුම් සමග කට්ට Sauce දැමූ Crispy chicken wings, Goat Pan Rolls, spiced crab, papaya salsa, spicy mayo සහ පොල් සම්බෝල සමග ලාංකිකයන් අතර ජනප්‍රිය roti taco, ලාංකීය තුනපහ වලින් රස ගැන්වූ feta සහ ලුණු මිරිස් සමග sweet corn, Veggie Kottu, Goat Kottu, Mud Crab Kottu, ලුණු මිරිස් සමග රොටි, බත්, ඉඳි ආප්ප, බිත්තර ආප්ප, සමග ලාංකීය රසයන්ගෙන් පිරුණු Chicken, Fish, Goat, Roast Veggie, Amma’s Dhal වගේ Curries සහ පොල් සම්බෝල, සීනි සම්බෝල, කට්ට සම්බෝල අච්චාරු ආදිය රස විඳින්න පුළුවන්.
ඒ වගේම ඔයා කැමතිම ශ්‍රී ලාංකික කෑම වර්ග සමග Vegan Delights Menu සහ Amma’s Favourites විදිහට තෝරාගන්න set menu 2ක්ම තිබෙනවා.
ඉතින් අපි කලින් කියපු විදිහට ඔයා Amma’s Favourites සෙට් menu එක අරගත්තොත් ඔයා Sydney වල 1ක් සහා ශ්‍රී ලංකාවේ 1ක් විදිහට කෑම වේල් 2ක්ම donate කරන්න දායක වෙනවා. Vegan Delights Menu එක ගත්තොත් Sydney වල එක කෑම වේලක් donate කරන්න දායක වෙනවා.
ඒ වගේම වවිශේෂයෙන්ම අඟහරුවාදාට මිලදී ගන්න set menu සඳහා 20%ක off එකක් ද ලැබෙනවා. මේ වෙතින් ඔයාට Gift Vouchers මිලදී ගන්නත් පුළුවන්.
වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එකෙන් Colombo Social website එකට යන්න.
Lunch Hours: 12pm-3pm, Saturdays & Sundays
Dinner Hours: Open from 5:30pm Tuesday – Sunday
Address: 159 Enmore Rd Enmore, NSW 2042
E-Mail: colombosocial@plateitforward.org.au
Contact: 0423177067
Website: https://plateitforward.org.au/colombo-social/
Image Credit: https://plateitforward.org.au/colombo-social/