මිලියන ගණනින් එන scams වලට ඔයත් හසු වෙලාද?

  • Home
  • /
  • Blog
  • /
  • මිලියන ගණනින් එන scams වලට ඔයත් හසු වෙලාද?

රට පුරාම වාර්තා වන encrypted messaging apps වලට සම්බන්ධ scams රැල්ලක් ගැන Telstra අනතුරු අඟවනවා.

ඕස්ට්‍රේලියාවේ විශාලතම Telco සමාගම මෙලෙස ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවන්නේ, නවීනතම ආරක්ෂක තාක්ෂණයන් පවා අභිබවා යාමට තරම් scammers ලා දියුණු වී ඇති පසුබිමකයි.

ජනප්‍රිය encrypted messaging platforms, scam blocking technology එක අභිබවා යාමට උත්සාහ කරන scammers ලට ආරක්ෂිත තෝතැන්නක් බවට පත්වෙමින් පවතින බව ඕස්ට්‍රේලියාවේ විශාලතම Telco සමාගම අනතුරු අඟවා තිබෙනවා.

තොරතුරු ආරක්ෂා කිරීමට භාවිත වන ප්‍රධාන තාක්ෂණික උපායක් වන end-to-end encryption මගින් අදහස් වෙන්නේ ඔබ යවන පණිවුඩයක් නිවැරදිව කියවිය හැක්කේ එය යවන කෙනාට සහ ලබන කෙනාට පමණක් බවයි. මේ හේතුව නිසා යවන පණිවිඩය මොකක්ද කියන එක telecommunication providers ලට පවා තේරුම් ගැනීමට අපහසු වෙනවා. මේ නිසා ඔවුන්ගේ scam blocking technologies භාවිත කරනකොට scams, scan හෝ filter කිරීමට බාධා වෙන්න පුළුවන්.

Telstra හි සයිබර් විශේෂඥ Darren Pauli පැවසුවේ encryption වටිනා දෙයක් වුවද, මෙම ස්වභාවය Telcos හට scams නිරීක්ෂණය කිරීම දුෂ්කර කරන බවයි. Encryption බැංකුකරණය වැනි ක්ෂේත්‍රවල වඩාත් ආරාක්ශාකාරී වුවද එය ආරක්ෂා කරන අන්තර්ගතය ගැන සැලකීමක් නොකරන නිසා එය මෙවැනි අවස්ථා වලදී අවාසිදායක බව ඔහු NewsWire වෙත පැවසුවා.

මෙවැනි වංචා සිදුවන ඕනෑම තැනක, එය මැඩපැවැත්වීමට උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා මුදල් යෙදවිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියා.

ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ නීත්‍යානුකූල යැයි පෙනෙන ව්‍යාජ රැකියා අවස්ථා, AI-enhanced scams සහ deepfakes වල ඉහළ යාමක් ද පෙන්නුම් කරන බවයි.

ජූනි දක්වා වූ මාස 12 තුළ, Telstra විසින්  මසකට scam calls මිලියන 18 කට වඩා අවහිර කෙරූ අතර එය පෙර වසරට වඩා දෙගුණයකට ආසන්නයි.

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026