කලින් articles වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්න ඔයා කොහොමද අධ්‍යාපනයට හොඳම තැන තෝරාගන්නේ කියන එක. ඒ වගේම ඔස්ට්‍රේලියානුවෙක් විදිහට ඔයාට පහසුවෙන් ලබාගන්න පුළුවන් නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා, ඒ සඳහා යන වියදම් ආදිය ගැනත් අපි කලින් articles වලින් කතා කළා.
දැන් අපි කතා කරමින් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන ඔයාට ශිෂ්‍යයෙක් විදිහට ලබාගන්න පුළුවන් නවාතැන් පහසුකම් ගැන. ඔයාට ලබාගන්න පුළුවන් නවාතැන් වර්ග කිහිපයක්ම තියෙනවා.
- Short-term accommodation
- Renting a house or apartment
- Managed student accommodation
- University-managed accommodation
- Residential colleges
- Homestay
මේ අතරින් කිහිපයක් ගැන කලින් articles වලින් කිව්වා. අද බලමු අවසන් නවාතැන් විකල්ප 2 ගැන.
Residential colleges (නේවාසික විද්‍යාල)
නේවාසික විද්‍යාල එහෙමත් නැත්නම් Residential colleges සාමාන්‍යයෙන් university campuses වලම පිහිටලා තිබෙනවා. මේවාගේ විශේෂත්වය වෙන්නේ මෙහෙ නවාතැන් ලබාදෙන්නේ ඒ university එකට හරි campus එකට හරි ඇතුලත් වෙලා ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට විතරයි. මේ නවාතැන් පහසුකම් university එක/ campus එක මගින් තමයි පාලනය කරන්නේ.
මේ බොහෝ නේවාසික විද්‍යාල වල සම්පූර්ණයෙන්ම අහාර සපයනවා. ගොඩක් වෙලාවට දවසකට ආහාර වේල් තුනක් දක්වා ලබා දෙනවා. මෙම විද්‍යාල ශිෂ්‍ය සහ අධ්‍යයන සහාය සේවා, ක්‍රීඩා සහ සංස්කෘතික වැඩසටහන් සහ නායකත්ව සංවර්ධන අවස්ථා ලබා දීමෙන් ශිෂ්‍යයන් තුළ සමාජය පිළිබඳ වඩා යහපත් හැඟීමක් ඇති කරන්න කටයුතු කරනවා.
වැඩි විස්තර දැනගන්න ඔයාගේ university එක/ campus එක contact කරගන්න.
Homestay
Homestay කියන එකෙන් අදහස් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පවුලක් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වෙන එක. පවුලක් ජීවත් වන නිවසක සියලු සැප පහසුකම් සහිත නිසා වඩාත් ලාබාල සිසුන්ට මේක හොඳ විකල්පයක්. මේ මගින් ඔවුන්ගේ සත්කාරක පවුල සමඟ කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන අතර, බොහෝ විට ආහාර සහ පිරිසිදු කිරීම ලබා දෙනවා.
ඔයාගේ අධ්‍යාපන නියෝජිතයින්ට මෙම නවාතැන් පහසුකම් සලසා ගන්න උදව් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට නිවාස, නවාතැන් සපයන්නන් කෙලින්ම සම්බන්ධ කර ගන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලට සහය වෙන ව්‍යාපාර ඕස්ට්‍රේලියාවේ තිබෙනවා.
නමුත් මෙම සේවාවන් පිළිබඳව ඔයාටම සොයා බලන්න පුළුවන්. මේ සඳහා ඔයාට උදව් ලබා ගන්න පුළුවන් බවට රජයේ www.studyaustralia.gov.au වෙබ් අඩවිය නිර්දේශ කරන links කිහිපයක් පහතින් දක්වල තියෙනවා.
- Global Experience
- Homestay Australia
- Australian Homestay Network
- All About Homestay
- International Homestay Agency (Melbourne only)
- Student Accommodation Services
- Study Vision
- Ozihouse
- Talkabout Homestay (Perth only)
- UoW College Australia (Wollongong only)
Homestay සමාගමක් තෝරා ගන්නකොට, එය Australian Government Schools International (AGSI) Homestay Standards වලට අනුකූල නවාතැන් ලබා දෙන බවට සහතික කරගන්න.