ලොව උසම පාලම නිරිතදිග චීනයේ Guizhou පළාතේ දී ඉරිදා දින ගමනාගමනය සඳහා විවෘත කෙරුණා. මෙය එම කලාපයේ ග්‍රාමීය යටිතල පහසුකම්වල සැලකිය යුතු සංවර්ධනයක් සනිටුහන් කරනවා.
Beipan ගඟේ Huajiang කොටස දක්වා විහිදෙන මෙම Huajiang Grand Canyon Bridge එක ජලයෙන් 625m ක් ඉහළින් දිවෙනවා. මෙම පාලම 1,420m ක පරතරයක් යා කරමින් දිවෙන අතර එය කඳුකර භූමි ප්‍රදේශයක පාලමක් ඉදිකර ඇති දිගම පරතරයයි.
මෙම පාලම Guizhou හි අධිවේගී මාර්ග ජාලයේ ප්‍රධාන සම්බන්ධකයක් වන අතර, ඉවුරු දෙක අතර ගමන් කාලය පැය 2ක සිට මිනිත්තු 2ක් දක්වා අඩු කරනවා. ඉරිදා එය විවෘත කිරීමත් සමග Liuzhi විශේෂ දිස්ත්‍රික්කය සහ Anlong ප්‍රාන්තය සම්බන්ධ කරන අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණා.
මෙහි ඉදිකිරීම් 2022 දී ආරම්භ වුණා. Guizhou හි මෙම කඳුකර පිහිටීම නිසා එහි මාර්ග ජාලය සම්බන්ධ වීමට පුළුල් පාලම් ඉදිකිරීමක් අවශ්‍ය වෙනවා. පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව, පළාත තුළ ඉදි කර ඇති සහ ඉදිකිරීමට නියමිත මුළු පාලම් ගණන 32,000 කට වඩා වැඩියි.
ලෝකයේ උසම පාලම් 100 න් අඩක් පමණ Guizhou හි පිහිටා තිබීමත් විශේෂත්වයක්.
Image credit: en.wikipedia.org