කලින් articles වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්න ඔයා කොහොමද අධ්‍යාපනයට හොඳම තැන තෝරාගන්නේ කියන එක. ඒ වගේම ඔස්ට්‍රේලියානුවෙක් විදිහට ඔයාට පහසුවෙන් ලබාගන්න පුළුවන් නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා, ඒ සඳහා යන වියදම් ආදිය ගැනත් අපි කලින් articles වලින් කතා කළා.
ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන ඔයාට ශිෂ්‍යයෙක් විදිහට ලබාගන්න පුළුවන් නවාතැන් පහසුකම් ගැනත් අපි කිව්වා. ඔයාට ලබාගන්න පුළුවන් නවාතැන් වර්ග කිහිපයක් ගැනම කතා කළා.
- Short-term accommodation
- Renting a house or apartment
- Managed student accommodation
- University-managed accommodation
- Residential colleges
- Homestay
අද අපි බලමු අවුරුදු 18ට අඩු ශිෂ්‍යයෙක් මේ විදිහට නවාතැන් ගන්නකොට බලපාන විශේෂ නීති සහ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන.
අවුරුදු 18 ට අඩු ශිෂ්‍යයෙක් දෙමාපියෙකු හෝ නීතිමය භාරකරුවෙකු සමඟ නොයන අවස්ථාවක, ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ අධ්‍යාපන සැපයුම්කරු විසින් ශිෂ්‍යයාගේ නවාතැන්, සහාය සහ සාමාන්‍ය සුභසාධනය සඳහා වන විධිවිධාන අනුමත කළ යුතුයි. මෙය සිදු වන්නේ අධ්‍යාපන සැපයුම්කරු විසින් නිකුත් කරන Confirmation of Appropriate Accommodation and Welfare (CAAW) letter එක හරහා.
ශිෂ්‍යයෙකු විසින් නවාතැනක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු
ඔබට සුදුසු නවාතැන් සොයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කිහිපයක් මෙන්න:
- ඔබ තෝරාගත්ත ප්‍රාන්තය, නගරය සහ නවාතැන් වර්ගය අනුව ඔයාට දරන්න වෙන පිරිවැය වෙනස් වෙනවා. ඔබේ වියදම් පිළිබඳ ඇස්තමේන්තුවක් සහ ඒවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන ආකාරය ලබා ගන්න රජයේ costofliving.studyaustralia.gov.au වෙබ් අඩවිය හරහා Cost of Living Calculator එක භාවිත කරන්න පුළුවන්. මේකෙන් ඉතා පහසුවෙන් ඔයාගේ වියදම් calculate කරගන්න පුළුවන්.
- Bond එකක් වගේම සාමාන්‍ය ගෑස්, ජලය සහ විදුලි බිල්පත් වැනි ඔයාට ගෙවන්න සිදු විය හැකි මුළු පිරිවැය සහ වෙනත් වියදම් සැමවිටම තහවුරු කරගන්න.
- ඔයාගේ campus එකේ සිට ඔයාගේ නවාතැනට තිබෙන දුර සහ බස්, ට්‍රෑම් හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරලා පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්ද කියන එක සලකා බලන්න.
- අසල පිහිටා shopping centres සහ amenities වගේම සෞඛ්‍ය පහසුකම්, රෝහල් සහ හදිසි සේවා ගැනත් තොරතුරු දැනගෙන ඉන්න.