කෝටිපතියෙකු සහ Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk බදාදා (දේශීය වේලාවෙන්), ඩොලර් බිලියන 500 ක ශුද්ධ වටිනාකමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත් වුණා.
Forbes හි Billionaire Index එකට අනුව, නැගෙනහිර වේලාවෙන් පස්වරු 3:55 වන විට, Musk ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 499.5 ක් වූ බව Business Standard වෙබ් අඩවිය දක්වා තිබුණා. Tesla හි කොටස් 4% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, ආයෝජකයින් ක්‍රියාකාරකම් සමග Musk ගේ ධනයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 9.3 එකතු වුණා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ Department of Government Efficiency (DOGE) හි ප්‍රධානියා ලෙස ඔහු දැරූ භූමිකාවෙන් ඉවත් වී තම electric vehicle company එක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව Musk අප්‍රේල් මාසයේ April earnings call එක අතරතුර නිවේදනය කිරීමෙන් පසු Tesla හි කොටස් මිල දෙගුණයකට ආසන්න වී තිබෙනවා.
සමාගමේ වෙළඳපල ප්‍රාග්ධනීකරණය දැන් දෙසැම්බර් මාසයේ එහි සර්වකාලීන ඉහළම අගයෙන් 10% ක් ඇතුළත ඇති බැවින්, Musk ගේ 12% ක කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 191 ක් වෙනවා.
සැප්තැම්බර් මස මුලදී, ටෙස්ලා හි මණ්ඩලය විසින් නව, වාර්තාගත වැටුප් පැකේජයක් අනුමත කරන ලද අතර, එමඟින් සමාගම ඉදිරි දශකය තුළ එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණය අට ගුණයකට වඩා පුළුල් කිරීම වැනි කාර්ය සාධන ඉලක්ක සපුරා ගන්නේ නම් Musk ට ඩොලර් ට්‍රිලියන 1 ක් දක්වා අමතර කොටස් ලබා ගත හැකියි.
Musk ගේ ඩොලර් ට්‍රිලියන භාගයක ධනය
මස්ක්ගේ ඩොලර් ට්‍රිලියන භාගයක ධනයට දායක වන එකම සමාගම Tesla නෙවෙයි. 2002 දී දියත් කරන ලද SpaceX, අගෝස්තු මාසයේදී පුද්ගලික ටෙන්ඩර් දීමනාවක් මත පදනම්ව දැන් ඩොලර් බිලියන 400 ක් වටින අතර එය දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 350 ක් වුණා. රොකට් නිෂ්පාදකයාගේ ඇස්තමේන්තුගත කොටස් වලින් 42% ක් Musk සතුව ඇති අතර එය ඩොලර් බිලියන 168 ක්.
Muskගේ තවත් ව්‍යාපාරයක් වන xAI Holdings ද මෙම සන්ධිස්ථානයට දායක වී තිබෙනවා. ඔහු තම කෘතිම බුද්ධි සමාගම වන xAI, X (2022 දී අත්පත් කර ගැනීමට පෙර Twitter ලෙස හැඳින්වූ) සමඟ ඒකාබද්ධ කිරීමෙන් පසු මෙම වසරේ මාර්තු මාසයේදී පිහිටුවන ලද මෙම ආයතනයේ වටිනාකම ඩොලර් බිලියන 113 ක්. xAI Holdings හි ඇස්තමේන්තුගත කොටස් වලින් 53% ක් මස්ක් සතුව ඇති අතර එය ඩොලර් බිලියන 60 ක් පමණ වෙනවා.
Business Standard වෙබ් අඩවිය දක්වන ආකාරයට මස්ක්ගේ ශුද්ධ වටිනාකමේ සන්ධිස්ථාන
- 2020 මාර්තු – ශුද්ධ වත්කම $24.6 billion
- 2020 අගෝස්තු – $100 billion ක වත්කම් ඇති පස්වන පුද්ගලයා බවට පත්වීම
- 2021 ජනවාරි – ඩොලර් බිලියන 190 කට ආසන්න මුදලක් සමඟ පළමු වරට ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීම
- 2021 සැප්තැම්බර් – Jeff Bezos සහ Bernard Arnault ගෙන් පසු ඩොලර් බිලියන 200 ඉක්මවා යාම
- 2021 නොවැම්බර් – ඩොලර් බිලියන 300 ක් කරා ළඟා වීම
- 2024 දෙසැම්බර් – ඩොලර් බිලියන 400 ක් කරා ළඟා වීම
- 2025 ඔක්තෝබර් – ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500 කට ආසන්න වේ. ඉතිහාසයේ එය අත්කර ගත් පළමු පුද්ගලයා වීම
Forbes සඟරාවට අනුව, මස්ක් මේ වේගයෙන්ම ඉදිරියට ගියහොත්, 2033 මාර්තු මාසයට පෙර ඔහුට ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකියි. කෙසේ වෙතත්, සම්මානය මුදල් ගැන නොවන බව මස්ක් පවසනවා.
දෙවන ධනවත්ම පුද්ගලයා Oracle හි Larry Ellison
Oracle නිර්මාතෘ Larry Ellison බදාදා වන විට Forbes ලැයිස්තුවේ දෙවන ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 351.5 ක්.
ඉහළම බිලියනපතියන් 10
Forbes index එකට අනුව, ලොව ධනවත්ම පුද්ගලයින් වන්නේ:
- Elon Musk: $499.1 billion
- Larry Ellison: $350.7 billion
- Mark Zuckerberg: $245.8 billion
- Jeff Bezos: $233.5 billion
- Larry Page: $203.7 billion
- Sergey Brin: $189 billion
- Jensen Huang: $162.6 billion
- Bernard Arnault:$160.6 billion
- Steve Ballmer: $156.4 billion
- Warren Buffett: $148.5 billion
Image Credit goes to by : https://commons.wikimedia.org/wiki/File:Elon_Musk_Royal_Society_crop.jpg