ගෝලීය උණුසුම හේතුවෙන් කෘමීන් සඳහා වඩාත් හිතකර රටක් බවට පත්වෙමින් පවතින අයිස්ලන්තයෙන් ප්‍රථම වරට මදුරුවන් සොයාගෙන තිබෙනවා.
මේ මාසය වන තෙක්ම ලෝකයේ මදුරු ගහනයක් නොමැති ස්ථාන ස්වල්පයෙන් එකක් වූයේ මෙම සුන්දර රටයි. අනෙක වන්නේ ඇන්ටාක්ටිකාවයි.
මදුරුවන් අයිස්ලන්තයේ ස්ථාපිත විය හැකි බවට විද්‍යාඥයින් කාලයක් තිස්සේ අනාවැකි පළ කර ඇත්තේ වගුරු බිම් සහ පොකුණු වැනි බහුල අභිජනන වාසස්ථාන තිබෙන නිසා. කෙසේ වෙතත්, බොහෝ විශේෂයන්ට කටුක දේශගුණයෙන් බේරීමට නොහැකි වනු ඇති බවටත් පැවසෙනවා.
අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ ආක්ටික් කලාපය ග්‍රහලෝකයේ ඉතිරි ප්‍රදේශවලට වඩා 4 ගුණයකින් උණුසුම් වෙමින් පවතින බව සහ අයිස්ලන්තය මේ වසරේ වාර්තාගත උෂ්ණත්වයක් අත්විඳ ඇති බවයි. ග්ලැසියර කඩා වැටෙමින් පවතින අතර මැකරල් වැනි උණුසුම්, දකුණු දේශගුණයන්ගේ ජීවත් වන මසුන් එම රටේ ජලයෙන් සොයාගෙන තිබෙනවා.
ග්‍රහලෝකය උණුසුම් වන විට, ලොව පුරා මදුරු විශේෂ වැඩි ප්‍රමාණයක් සොයාගැනෙනවා. මෙම වසරේ එක්සත් රාජධානියෙන් ඊජිප්තු මදුරුවාගේ (Aedes aegypti) බිත්තර සොයා ගත් අතර, ආසියානු කොටි මදුරුවා Aedes albopictus) Kent හිදී සොයාගෙන තිබෙනවා. මේවා ඩෙංගු, චිකුන්ගුන්යා සහ Zika වෛරසය වැනි නිවර්තන රෝග පැතිරවිය හැකි ආක්‍රමණශීලී මදුරු විශේෂයි.
අයිස්ලන්තයේ ස්වාභාවික විද්‍යා ආයතනයේ කීට විද්‍යාඥයෙකු වන Matthías Alfreðsson එහි සොයාගැනීම් තහවුරු කළා. පුරවැසි විද්‍යාඥයෙකු විසින් ඔහු වෙත එවන ලද කෘමීන් ඔහු විසින්ම හඳුනා ගෙන තිබුණා.
මෙම විශේෂය සීතලට ප්‍රතිරෝධී වන අතර ශීත කාලය පුරාම බිම් මහලේ සහ ගබඩාවල නවාතැන් ගැනීමෙන් අයිස්ලන්තයේ පවතින සීතල තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනවා.