1000කට අධික ජීවිත මරණින් ගලවාගත් ව්‍යාපාරිකයෙක්

  • Home
  • /
  • Art
  • /
  • 1000කට අධික ජීවිත මරණින් ගලවාගත් ව්‍යාපාරිකයෙක්

මේ කියන්න හදන්නේ අහඹු සිදුවීමක් නිසා ලියවුණු සම්මානලාභී පොතක් ගැන. 

1980 දී Thomas Keneally, Beverly Hills වෙත යන්නේ luggage මිලදී ගන්න. මේ ගමන තමයි ඔහුගේ ජාත්‍යන්තර වශයෙන් වැඩියෙන්ම අලෙවි වූ පොත වන ‘Schindler’s Ark’ ලියවෙන්න හේතු වෙන්නේ. 

Keneally මේ විදිහට යන්නේ පෝලන්ත සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් Leopold Pfefferberg නමැති පුද්ගලයාට හිමි සාපුවකට. මේ Leopold Pfefferberg, Oskar Schindler නමැති ජර්මානු ව්‍යාපාරිකයෙකුට පින් සිදු වන්නට තම ජීවිතය බේරාගත් අයෙක්. Oskar Schindler, 2වන ලෝක යුද්ධ සමයේදී පෝලන්ත යුදෙව්වන් 1,200 ක් පමණ ඔහුගේ enamelware සහ පතොරම් කම්හල්වල සේවයේ යොදවා ඔවුන්ව මරණයෙන් බේරා ගත්තා. 

ඔහුගේ ලේඛන සහ අනෙකුත් දිවි ගලවා ගත් අයගේ තොරතුරු භාවිතා කරමින් Schindler ගේ කතාව ලිවීමට Pfefferberg, Keneally ව උනන්දු කළා. මේ විදිහට Thomas Keneally අතින් ලියවුණු ‘Schindler’s Ark’ තමයි 1982 Booker Prize එක ජයග්‍රහණය කළේ.

නිකන්ම ඓතිහාසික ලේඛන සහ සාක්ෂි හරහා ඉදිරිපත් කරනවා වෙනුවට ඒවාට ජීවය ලබා දෙන්න Keneally සමත් වෙලා තිබෙනවා. අද වන විට සිතාගතවත් නොහැකි මේ ඉතිහාසයේ සැඟවුණු කතාව අපි හැමෝම කියවිය යුතුම පොතක්.

Image credit: www.downtownbrown.com 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025