වනිඳු සහ තුෂාර ICC T20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට

  • Home
  • /
  • Sports
  • /
  • වනිඳු සහ තුෂාර ICC T20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට

පසුගිය සතියේ නිකුත් කළ නවතම ICC T20 ශ්‍රේණිගත කිරීම් වල Men’s T20I Bowling Rankings වලින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත් වී තිබෙනවා. 

ඒ අනුව ඔවුන් දෙදෙනාම එක් ස්ථානය බැගින් ඉහළට එමින් පිළිවලින් 4 වන සහ 6 වන ස්ථාන වල පසු වෙනවා. ඒ වගේම ස්ථාන 2ක් ඉහළට පැමිණි මහීෂ් තීක්‍ෂණ 16 වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. T20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ රැඳෙන්නේ ඉන්දීය ක්‍රීඩක වරුන් චක්‍රවර්ති.

Men’s T20I Batting Rankings වල සිය ස්ථාන එලෙසම පවත්වා ගනිමින් 4 වන 9 වන ස්ථාන වල පිළිවලින් පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා රැඳී සිටිනවා. එක් ස්ථානයක් පසුබාමින් කුසල් මෙන්ඩිස් 18 වන ස්ථානයට පැමිණ තිබෙනවා. එහි පළමු තැන හිමිකර ගන්නේ ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා.

Men’s T20I All-Rounder Rankings වල වනිඳු හසරංග 7 වන ස්ථානයේ එලෙසම රැඳී සිටින අතර එහි එක් ස්ථානයක් ඉහළට එමින් දසුන් ශානක 19 වන තැන හිමිකර ගන්නවා. එහි පළමු තැන හිමි කරගන්නේ පාකිස්තානු ක්‍රීඩක Saim Ayub.

සමස්ත කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේ පසු වෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025