විශාලතම ජාතික වනෝද්‍යානයට සවාරියක් යමු

  • Home
  • /
  • Blog
  • /
  • විශාලතම ජාතික වනෝද්‍යානයට සවාරියක් යමු

වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ නැති, නමුත් ඔයා යා යුතුම ලස්සන තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ තමයි ඕස්ට්‍රේලියාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන Kakadu National Park එක.

ලෝකයේ වඩාත්ම underrated National Park එකක් ලෙසත් ඇතැම් අය මේක හඳුන්වනවා. ඒ තරමටම සුවිශේෂීකම් රැසක් පිරුණු තැනක් තමයි මේක. මේ Kakadu ජාතික වනෝද්‍යානයේ සිත් ඇදගන්නාසුළු ස්වභාවික සුන්දරත්වය වගේම ඒ තුළ ඇති සංස්කෘතික උරුමයන් අනාවරණය කරගන්න එහි ගිහින්ම බලන්න. 

ස්වදේශික උරුමයන්ගෙන් පිරුණු භූමියක් වන මෙම උද්‍යානය Bininj/Mungguy ජනයාට සහ පුරාණ පාෂාණ කලා නිර්මාණ ස්ථාන රාශියකට නිවහන වෙනවා. සශ්‍රීක වැසි වනාන්තර, සැඟවුණු වනජීවීන් සහ ස්වභාවික පිහිනුම් තටාක වලින් පිරුණු Kakadu ජාතික වනෝද්‍යානය ඔයාට විශිෂ්ඨ සංචාරක අත්දැකීමක් ලබා දෙයි.

මේකේ තවත් විශේෂයක් තමයි මේ වනාන්තරය ඕස්ට්‍රේලියාව තුළ විවිධාකාර පරිසර පද්ධති ගණනාවක් හරහා වර්ග කිලෝමීටර් 20,000 කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කිරීම.

ඉතින් පෞරාණික ජල තටාකයකට ගලා යන සුන්දර Gunlom දිය ඇල්ල පාමුල පිහිනන්න, සුන්දර පරිසර පද්ධති විඳගන්න වගේම, සත්ත්ව විශේෂ ගණනාවක් දැකබලා ගන්න ඔයත් Kakadu ජාතික වනෝද්‍යානය වෙත සංචාරයක් යන්න.

Kakadu Hwy, Jabiru NT 0886

දිනපතා, පෙ.ව. 7:30 සිට ප.ව. 5:00 දක්වා ඔයාට සංචාරය කරන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025