අවසන් සටනට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව

  • Home
  • /
  • Sports
  • /
  • අවසන් සටනට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන් කොන් T20 ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ඊයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර Rawalpindi හිදී පැවැත්වුණා. 

අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට මෙම තරඟය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුවට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස වඩාත් බලාපොරොත්තු තබා සිටි පැතුම් නිස්සංක ලකුණු 8කට දැවී ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කමිල් මිශාර පන්දු 48කදී ලකුණු 76ක් රැස් කළා. ඔහුගේ ලකුණු අතරට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් 4 පහර 6ක් ද සමගින් ලකුණු 40 ක් රැස් කළා. පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 184ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුළු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි. නායක සල්මාන් අලි ලකුණු 63ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 20කට කදුළු 4ක් දවා ගත්තා. එශාන් මාලිංග කඩුළු 2යි.

තරඟයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ද දුෂ්මන්ත චමීරයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තුන් කොන් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබූ අතර එය හෙට පාකිස්තානයට එරෙහිව Rawalpindi හිදී පැවැත්වෙනවා.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025