අන්තර්ජාතික ලීග් පන්දුවාර විස්ස තරඟාවලියේ (International League T20 2025/26) කැපී පෙනෙන දස්කම් දැක්වීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඔහු මේ වන විට ඉනිම් 3කදී ලකුණු 204ක් රැස් කරගෙන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා විදිහට පෙරමුණේ පසු වෙනවා.
Gulf Giants කණ්ඩායම නියෝජනය කරන පැතුම්, MI Emirates කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරඟයේදී ලකුණු 81ක් රැස් කළ අතර දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Dubai Capitals කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී ලකුණු 67ක් රැස් කළා. Desert Vipers කණ්ඩායමට එරෙහිව පැවති 3 වන තරඟයේදී ද ලකුණු 56ක් රැස් කළා.
ඒ අතරින් Gulf Giants කණ්ඩායම පළමු තරඟ ද්විත්වයේ ජයග්‍රහණය ලබාගත් අතර එම තරඟ 2දීම තරඟයේ වීරයා ලෙස සම්මාන ලබාගත්තේ පැතුම් නිස්සංකයි.
ඒ අනුව ඔහු ක්‍රීඩා කළ සියලුම තරඟවලදී අර්ධ ශතකය බැගින් ලබා ගනිමින් අර්ධ ශතක 3ක් සමග මුළු ලකුණු 204ක් රැස් කරගෙන තිබෙනවා.
Desert Vipers කණ්ඩායම International League T20 2025/26 ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින අතර Gulf Giants 2 වන ස්ථානයේ සහ Dubai Capitals 3 වන ස්ථානයේ රැඳී සිටිනවා.
Image credit: www.espncricinfo.com