ඉහළ යන සෞඛ්‍යය රක්‍ෂණ වාරිකය

  • Home
  • /
  • Blog
  • /
  • ඉහළ යන සෞඛ්‍යය රක්‍ෂණ වාරිකය

ෆෙඩරල් රජය අප්‍රේල් මාසයේ සිට 4.41% ක සාමාන්‍ය වැඩිවීමක් අනුමත කිරීමෙන් පසු Private health insurance premiums ඉහළ යාමට නියමිතයි. මෙය දශකයකට ආසන්න කාලයක් තුළ වාර්තා වන වැඩිම ඉහළ යාම වෙනවා.

ඉහත උද්ධමනය වැඩිවීම 2017 සිට වාර්තා වන විශාලතම වැඩි වීමයි.

වෛද්‍ය සහ රෝහල් සේවාවන්හි පිරිවැය ඉහළ යාම මීට හේතු වන බව සෞඛ්‍යය අමාත්‍ය Mark Butler මහතා පවසා සිටි අතර ඒවා පසුගිය මූල්‍ය වර්ෂයේදී 5% කින් ඉහළ ගොස් තිබෙනවා.

සෑම වසරකම, සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්ෂික වාරික වැඩිවීමක් අනුමත කළ යුතු අතර, එය යම් ආකාරයක පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මිලියන 15 කට වැඩි පිරිසකට බලපානවා.

“සන්ධි ප්‍රතිස්ථාපන සහ පිළිකා ප්‍රතිකාර වැනි අධික වියදම් සහිත රෝහල් සත්කාර සඳහා වැඩි පිරිසක් තම සෞඛ්‍ය රක්ෂණය භාවිතා කරන අතර, සත්කාර ලබා දීමේ පිරිවැය දිගටම ඉහළ යනවා. මෙම වාරික වැඩිවීම එය පිළිබිඹු කරනවා.” යනුවෙන් Private Healthcare Australia හි ප්‍රධාන විධායක වෛද්‍ය ඩේවිඩ් පැවසුවා.

Don't forget to share this post!

Recent Posts

781
February 17, 2026