ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සොයන ඔයාට

  • Home
  • /
  • Events
  • /
  • ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සොයන ඔයාට

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයා රැකියාවක් හොයනවා අනම් ඔයාට ඉතා වැදගත් වෙන අවස්තාවක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

Victorian Careers & Employment Expo එක 2026 මාර්තු 19 දා සිට 21 දක්වා Melbourne Showgrounds හිදී පැවැත්වෙනවා. ඉතින් මේකට සහභාගී වෙනවා නම් ඔයා මොන වයසක සිටින කෙනෙක් වුණත් සියලුම වයස් කාණ්ඩ සඳහා වෘත්තීය අවස්ථා සහිත organisations සහ employers ලා 100 කට අධික සංඛ්‍යාවක් හමු වෙලා කතාබහ කරන්න වගේම වටිනා අවස්ථා ලබාගන්නත් ඉඩකඩ ලැබෙනවා. මේ සඳහා ඇතුළුවීම නොමිලේ.

මෙම උත්සවය පාසල් සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, උපාධිධාරීන්, රැකියා සොයන්නන්, පාඨමාලා සොයන පුද්ගලයින් සහ නව පුහුණු සහ වෘත්තීය විකල්ප සොයන ඕනෑම කෙනෙක් සඳහා විවෘතයි.

 

ඉතින් ඔයත් මේ ප්‍රදර්ශනයට සහභාගී වුණොත් ඔබටත් ඉතා වටිනා අවස්ථා ලබාගන්න පුළුවන්.

  • පුහුණු සංවිධාන සහ සේවා යෝජකයින් 100 කට අධික සංඛ්‍යාවක් සමඟ කතා කරන්න
  • නොමිලේ වෘත්තීය උපදෙස් ලබා ගන්න
  • අනාගතයට ගැළපෙන රැකියා සොයා ගන්න
  • Training & Apprenticeships පිළිබඳ ප්‍රමුඛ සංවිධාන සමඟ කතා කරන්න
  • නොමිලේ වෘත්තීය සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්න 
  • Try’a Skill Zones අත්විඳින්න 

 

ඔබ රැකියාවක්, වෘත්තීය වෙනසක්, පාඨමාලාවක් සොයනවා නම් හෝ ඔබ වෘත්තීය මාර්ගයක් තෝරාගන්න බලාපොරොත්තු වෙන පාසල් ශිෂ්‍යයෙක් නම්, මේ ඔයා අනිවාර්යයෙන්ම මග නොහැරිය යුතු ප්‍රදර්ශනයක්.

 

Thursday March 19, 2026 – 9am to 3pm

Friday March 20, 2026 – 9am to 3pm

Saturday March 21, 2026 – 9am to 4pm

 

Melbourne Showgrounds

Ascot Vale

 

වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://www.careersemploymentexpo.com.au/Victorian.html

Don't forget to share this post!

Recent Posts

790
February 26, 2026