සම්භාව්‍ය සිංහල සංගීතයට ආදරය කරන ඔයා වෙනුවෙන්ම ගෙන එන සුන්දර සන්ධ්‍යාවක් ගැනයි මේ කියන්නේ. ඒ තමයි සුන්දර Melbourne රසවත් කරන “යුග දැහැන්” ප්‍රසංගය.
මෙහිදී ප්‍රවීන ගායන ශිල්පීන් වන සුනිල් එදිරිසිංහ, T. M ජයරත්න සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගීතවත් වන අතර සංගීත අධ්‍යක්‍ෂණය ඉන්ද්‍රජිත් මිරිහාන.
පරම්පරා ගණනාවක් පුරා ආදරය සහ ගෞරවය දිනාගත්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය, සම්භාව්‍ය ගායන ශිල්පීන් තිදෙනෙකු ගීතවත් වන මියුරු ප්‍රසංගයක් සඳහා එක් වන්නටයි මේ ආරාධනාව.
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය සංගීතයේ පුරාවෘත්තයක් වන සුනිල් එදිරිසිංහ මහතා සමඟ අමතක නොවන සන්ධ්‍යාවක් අත්විඳින්න ඔබට මේ හරහා අවස්තාව ලැබෙනවා. 1960 දශකයේ අග භාගයේ සිට, ඔහුගේ අද්විතීය හඬින් සහ කලාත්මක නිර්මාණයන්ගෙන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන තිබෙනවා වගේම ජනාධිපති සහ ස්වර්ණ සංඛ සම්මාන වැනි කීර්තිමත් ගෞරවයන් ලබා ගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා.
සොඳුරු හැඟුම් රසවත්ව කළ හැකි සියුම් කටහඬක් ඇති අපූරු ගායකයෙක් ලෙස ටී.එම්. ජයරත්න මහතා බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් ඔහුත් සූදානම් මේ සොඳුරු ප්‍රසංගය රස ගන්වන්නට.
ශ්‍රී ලාංකික සම්භාව්‍ය සංගීතයේ නොමැකෙන සලකුණක් ලෙස දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය හඳුන්වන්න පුළුවන්. ඇගේ ඉමිහිරි හඬ වගේම හදවත් ස්පර්ශ කරන සුන්දර නිර්මාණ හරහා ය බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටිනවා. Gusi Peace Prize එක දිනාගත් එකම ශ්‍රී ලාංකික ගායිකාව වන්නේද ඇයයි.
ඉතින් මේ ප්‍රවීනයන්ගේ සුමිහිරි ගීත වලින් පිරී යන “යුද දැහැන්” ප්‍රසංගය නරඹන්න මැයි 17 වන ඉරිදා සවස 6.30ට Besen Centre එකට ඔබත් එන්න.
Besen Centre – MELBOURNE
May 17, 2026
6:30 pm
Buy Ticket: https://auslankatickets.com/onlineticket.php?eventid=1522153