කොදෙව්වන් දණගැස්සූ විශිෂ්ට සටනේ වීරයා කවුද?

  • Home
  • /
  • Sports
  • /
  • කොදෙව්වන් දණගැස්සූ විශිෂ්ට සටනේ වීරයා කවුද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු තරඟය අද (AEST වේලාවෙන්) Kingston හි Sabina Park හිදී පැවැත්වුණා. 

එහිදී කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 303ක් රැස් කළා. පැතුම් නිස්සංක ලකුණු 79 ක් රස කරද්දී තරඟයේ වීරයා සම්මානය දිනාගත් නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 4ක් දවා ගත්තා.

ඒ අනුව එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දෙවන එක්දින තරඟය ඉරිදා සවස 5.30ට (AEST) පැවැත්වෙනවා.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

907
June 24, 2026