කොදෙව්වන් හමුවේ පැරදුණු සිංහයෝ 2වන සටන දිනයිද?

  • Home
  • /
  • Blog
  • /
  • කොදෙව්වන් හමුවේ පැරදුණු සිංහයෝ 2වන සටන දිනයිද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු 20යි 20 තරඟයෙන් කඩුළු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක කොදෙව්වන් සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 19යි පන්දු 2කදී කඩුළු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 149 රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක්, කුසල් මෙන්ඩිස් 36ක් සහ දසුන් ශානක ලකුණු 22ක් රැස් කළා. වනිඳු හසරංග කඩුළු 2ක් සහ එශාන් මාලිංග එක කඩුල්ලක් ලබා ගත්තා.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ ලකුණු 18කට කඩුළු 3ක් ලබාගත් Jason Holder.

2වන 20යි 20 තරඟය ජුනි 14වන ඉරිදා උදෑසන 10.30ට (AEST වේලාවෙන්) Sabina Park හිදී පැවැත්වෙනවා.

Don't forget to share this post!

Recent Posts

886
June 12, 2026