වාහනයක් පදවනවා කියන්නේ තත්පරයකින් ජීවිතයක් නැති වෙන්න හෝ බේරෙන්න පුළුවන් අතිශය වගකීම් සහගත වැඩක්. හැබැයි අද කාලේ පාරට බැස්සම පේන පොදු දෙයක් තමයි රියදුරන්ගේ අවධානය වෙනත් දේවලට යොමු වෙලා තියෙන එක. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Distracted Driving (ධාවනයේදී අවධානය ගිලිහීම) කියලා. ඕස්ට්‍රේලියානු රජයේ මාර්ග ආරක්ෂණ පර්යේෂණවලට අනුව, එරට සිදුවන බරපතල මාර්ග අනතුරුවලින් 16% කටම හේතුව මේ අවධානය ගිලිහීමයි.
නමුත් ඊටත් වඩා භයානක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි Driver fatigue. NSW ප්‍රාන්තයේ මාර්ග අනතුරුවලින් සිදුවන මරණවලට බලපාන ප්‍රධානතම හේතු 3න් එකක් වෙන්නේ මේ රියදුරු විඩාවයි.
මේක බීමත්ව රිය පැදවීම තරම්ම භයානකයි! හැබැයි නීතියක් නැහැ? Transport NSW ආයතනය මඟින් කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අධික වෙහෙස හෝ විඩාව නිසා රිය පැදවීම, බීමත්ව රිය පැදවීම තරම්ම අනතුරුදායක බවයි.
ලොකුම ගැටලුව වෙන්නේ බීමත්ව රිය පදවන අය අල්ලන්න ශ්වසන පරීක්ෂණ සහ දැඩි නීති රීති තිබුණත්, රියදුරෙකු අධික ලෙස විඩාවට පත්ව සිටිනවාද යන්න පරීක්ෂා කිරීමට තවමත් ස්ථිර නීතිමය රාමුවක් සකස් වී නොමැති වීමයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මට්ටමින් මේ තත්ත්වය කෙතරම් බරපතලද කියා බලන්න;
Queensland හි 2020 වසරේ වාර්තා වූ අනතුරුවලින් තුවාල ලැබූ සහ මියගිය අයගෙන් 12.2% කටම හේතුව Driver fatigue එකයි.
Victoria හි රියදුරන්ගෙන් 37% ක්ම තමන් අධික ලෙස මහන්සි වී හෝ නිදිමත ගතියෙන් යුතුව රිය පදවා ඇති බව පිළිගෙන තිබෙනවා.
අපි මේ ගැන ගොඩක් දේවල් ගැන articles ගණනාවකින් කතා කළා. පහත articles ඔයාගෙත් මාර්ගයේ ගමන් කරන අනිත් අයගෙත් ආරක්ෂාවට වැදගත් වේවි.
අනතුරු රැසකට හේතු වෙන Driver fatigue
Driver fatigue කියන්නේ මොකක්ද සහ ඔයාට හෝ වෙනත් අයෙක්ට මේ තෙහෙට්ටුව ඇතිව රිය පදවන බවට සලකුණු මොනවද?
ඕස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන “Coffee Cup Sign” එකේ තේරුම දන්නවද?
ඔයාට විඩාබර ගතියක් දැනෙනවා නම්, fatigue එක වළක්වා ගන්න follow කරන්න පුළුවන් වැදගත් tips මොනවද?
ඕස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන “Coffee Cup Sign” එකේ තේරුම දන්නවද?